Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 15:32 - Sinhala New Revised Version 2018

32 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 15:32
20 හුවමාරු යොමු  

බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අතාරෝත්ට පැමිණ


තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.


උන් වහන්සේ ඔලීව නම් කන්දට නුදුරු බෙත්පාගයට ද බෙතානියට ද ළං වූ කල, සිය ශ්‍රාවකයන්ගෙන් දෙදෙනකු යවමින්,


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.


එකල සලමොන් ජෙරුසලම ඉදිරියෙහි වූ කන්ද මත මෝවබ්වරුන්ගේ පිළිකුල් කටයුතු කෙමොෂ් දේවතාවාටත්, අම්මොන්වරුන්ගේ පිළිකුල් කටයුතු මොලෙක් දේවතාවාටත් ගිරිකුළු දේවාලයක් ගොඩනැඟී ය.


දාවිත් අඬ අඬා, හිස වසාගෙන, පාවහන් නැති ව, ඔලීව කන්දට නඟින පාරේ ගියේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද තම තමන්ගේ හිස් වසාගෙන, අඬමින් නැඟී ගියහ.


එවිට තාමාර් තමාගේ හිසේ අළු දමාගෙන, ඇඳ සිටි දිග අත් ඇති ඇඳුම ඉරාගෙන, හිසේ අත තබාගෙන කෑගසමින් ගියා ය.


බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් මිනිසෙක් යුද්ධ භූමියෙන් දුව ගොස් එම දවසේ ම ෂිලෝ නගරයට පැමිණියේ ය. ඔහු ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සිටියේ ය.


දාවිත් කඳු මුදුනෙන් මඳක් ඔබ්බට ගිය විට, මෙපිබොෂෙත්ගේ වැඩකාරයා වන ශීබා, ඇඳුම් දැමූ කොටළුවන් දෙදෙනෙකු ද උන් පිට පටවන ලද රොටි දෙසියයක් ද වියළි මිදි පල පොකුරු සියයක් ද වෙනත් පලතුරු වලු සියයක් ද මුද්‍රික පාන භාජනයක් ද ඇති ව ඔහුගේ පෙරමඟට ආවේ ය.


එවිට අබ්සලොම්, “දැන් අර්කීය ජාතික හූෂයිටත් අඬගසන්න; ඔහු කියන දේත් අසමු”යි කීවේ ය.


ආෂෙර් පෙදෙසෙහි බෙයාලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානා ය.


අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයා ව සිටියේ ය. අර්කීය හූෂයි රජුගේ මිත්‍රයා විය.


අබ්සලොම් ද ඉශ්රායෙල් ජාතික සියලු සෙනඟ ද ඔහු සමඟ අහිතොපෙල් ද ජෙරුසලමට ආවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්