ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 සාමුවෙල් 14:18 - Sinhala New Revised Version

එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට රජ උත්තරදෙමින්: මා නුඹෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.

පරිච්ඡේදය බලන්න



2 සාමුවෙල් 14:18
5 හුවමාරු යොමු  

එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”


රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නො‍හැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.


එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, “මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.


එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්,