Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 14:18 - Sinhala Revised Old Version

18 එවිට රජ උත්තරදෙමින්: මා නුඹෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එවිට රජ පිළිතුරු දෙමින්, “මා ඔබෙන් අසන දෙය මාගෙන් නො‍සඟවන්නැ”යි ස්ත්‍රියට කීවේ ය. ස්ත්‍රිය ද, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ කතා කරත්වා”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 14:18
5 හුවමාරු යොමු  

නුමුත් මා නුඹ සමඟ කථාකළ බව අධිපතීහු අසා නුඹ ළඟට ඇවිත්: නුඹ රජුට කීවේ මොකද කියාත් රජු නුඹට කීවේ මොකද කියාත් අපෙන් නොසඟවා අපට දන්වන්න, එවිට අපි නුඹ නොමරන්නෙමුයයි නුඹට කීවොත්–


එවිට ශෙදෙකියා රජ අනාගතවක්තෘවූ යෙරෙමියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේ තුන්වෙනි දොරටුවට තමා ළඟට ගෙන්වාගෙන, යෙරෙමියාට කථාකොට: මම නුඹෙන් කාරණයක් අසමි; කිසිවක් මාගෙන් නොසඟවන්නැයි කීය.


එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.


රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත නුඹ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්