ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
2 සාමුවෙල් 14:12 - Sinhala New Revised Version එවිට ස්ත්‍රිය, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. “කියන්නැ”යි ඔහු කී ය. Sinhala New Revised Version 2018 එවිට ස්ත්‍රිය, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට වචනයක් කියන්නට ඔබේ දාසීට අවසර ලැබේවා”යි කීවා ය. “කියන්නැ”යි ඔහු කී ය. Sinhala Revised Old Version එවිට ඒ ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට වචනයක් කියන්ට ඔබගේ දාසීට අවසර ලැබේවයි කීවාය. කියන්නැයි ඔහු කීවේය. |
ආබ්‍රහම් නැවතත් කතා කරමින්, “අළු හා දූවිල්ල පමණක් වූ මා, මාගේ සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට තරම් නිර්භීත වීම ගැන මට සමාවන්න.
එවිට ආබ්‍රහම් යළිත් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මා සමඟ නොකිපෙන සේක් වා! තව එක වරක් පමණක් කතා කිරීමට මට අවසරයි. හොඳයි! එහි දමිටුන් දහදෙනෙක් පමණක් ඇතැ යි හිතමු.” “ඒ දහදෙනා නිසා මම නුවර නොවනසාලමි”යි උන් වහන්සේ උත්තර දුන් සේක.
එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, “මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පොද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය.
එවිට ඈ, “ලේවලට පළිගන්න සිටින මිනිසා තවත් අය විනාශ නොකරන පිණිස ද ඔහු මාගේ පුත්‍රයා නැති නොකරන පිණිස ද රජතුමනි, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අයදින්නැ”යි කීවා ය. රජ ද, “ඔබේ පුත්‍රයාගේ හිසකෙසක් වත් බිම නොවැටෙන්නේ යයි ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම දිවුරා කියමි”යි කී ය.
ස්ත්‍රිය ද මෙසේ කීවා ය: “එසේ වී නම්, ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධ ව එබඳු දෙයක් කරන්නට කල්පනා කෙළේ මන් ද? ඔබ පන්නා දැමූ ඔබේ පුත්‍රයාට ආපසු එන්නට ඉඩ දී නැත. එබැවින් ඔබ කී දෙයින් ම ඔබ වරදකරුවෙක් වන්නෙහි ය.
ඔහු ඈ ළඟට ආ කල ඒ ස්ත්‍රිය, “ඔබ ජෝවාබ් ද” කියා ඇසුවා ය. ඔහු ද, “එසේ ය”යි උත්තර දුන්නේ ය. එවිට ඈ, “ඔබේ මෙහෙකාරී කියන දේට සවන් දුන මැනව”යි ඔහුට කීවා ය. ඔහු ද, “මම සවන් දෙමි”යි කී ය.
ඔබට මාගේ නඩුව ඉදිරිපත් කරන විට, සමිඳුනි, ඔබ සාධාරණය, යුක්තිය පිළිබඳ කරුණු ගැන ඔබෙන් ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි. දුදනන්ට සැප සම්පත් අත්වන්නේ මන් ද? ද්‍රෝහීන් සඵල වන්නේ මන් ද?
එවිට අග්‍රිපා රජු, “ඔබේ නිදහසට කරුණු කීමට දැන් අවසර තිබේ ය”යි පාවුලුට කී ය. එකල පාවුලු අත දිගු කොට තමාගේ නිදහසට මෙසේ කරුණු කියා පෑවේ ය:
ඈ ඔහුගේ පාමුල වැටී මෙසේ කීවා ය: “මාගේ ස්වාමීනි, ඒ අපරාධය මා පිට, මා පිට ම වේ වා; ඔබට කතා කරන්නට ඔබේ මෙහෙකාරියට අවසර ලැබේ වා. ඔබේ මෙහෙකාරීගේ වචන ඇසුව මැනව.