පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
2 රාජාවලිය 23:8 - Sinhala New Revised Version තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය. Sinhala New Revised Version 2018 තවද, ඔහු ජුදාහි නගරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පු කරන ලද කඳු මත පූජාස්ථාන දූෂ්‍ය කෙළේ ය. දොරටු ළඟ තිබූ කඳු මත පූජාස්ථාන ද නුවර අධිපතියා වූ ජෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණ කඳු මත පූජාස්ථාන ද කඩා දැමී ය. Sinhala Revised Old Version තවද ඔහු යූදාහි නුවරවලින් සියලු පූජකයන් කැඳවාගෙන, ගෙබා පටන් බෙයෙර්-ෂෙබා දක්වා පූජකයන් විසින් සුවඳ දුම් ඔප්පුකළ උස් තැන් දූෂ්‍යකෙළේය; දොරටු ළඟ තිබුණ උස් තැන්ද නුවර අධිපතියාවූ යෝෂුවාගේ දොරටුව වන නුවර දොරටුවට වම් පැත්තෙහි තිබුණු උස් තැන්ද කඩාදැමුවේය. |
පසු දින උදේ පාන්දරින් ආබ්‍රහම් නැඟිට රොටි ද වතුර බෝතලයක් ද ගෙන හාගර්ට දී, දරුවා ද ඇගේ කරේ තබා ඈ යන්න හැරියේ ය. ඈ ද නික්ම ගොස් බෙයර්-ෂෙබා නම් පාළුකරයේ මංමුළා වී ඇවිද්දා ය.
එබැවින් ඒ ස්ථානයට ඔහු ‘බෙයර්-ෂෙබා’ යන නම තැබී ය. මන්ද, ඔවුන් දෙදෙනා ම එතැන්හි දී දිවුරුම් දුන් බැවිනි.
එවිට ආසා රජ කිසිවෙකු අත්නෑර සියලු ජුදාවරුන් කැඳවා, රාමා ශක්තිමත් කිරීමට බාෂා විසින් ගන්නා ලද ගල් හා ලී ද ඔවුන් ලවා ගෙන්වාගෙන, ඒවායින් බෙන්‍ජමින්ගේ දේශයෙහි ගෙබා හා මිශ්පා යන නගර ශක්තිමත් කෙළේ ය.
ඔහු ඒ අසා බිය වී තම පණ ගළවාගැනීමට පලා ගියේ ය. මෙසේ ගොස් ඔහු ජුදාට අයිති බෙයර්-ෂෙබා නම් ස්ථානයට පැමිණ තම වැඩකාරයා එහි නවතින්නට හැර,
බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය.
ඔව්හු කඳු මාවත පසුකර, රෑ ගෙබාහි නවාතැන් ගෙන සිටිති. රාමා නගරයේ සෙනඟ කම්පා වී ඇත. සාවුල් රජුගේ නගරය වන ගිබියාවේ සෙනඟ පලා ගොස් ඇත.
“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.
එහෙත්, නමදින පිණිස බෙයර්-ෂෙබාවට නොයන්න; මා සොයන පිණිස බෙතෙල්ට නොයන්න. බෙතෙල් නැත්තට ම නැති වේ. ගිල්ගාලයට වත් නොයන්න. එහි සෙනඟ වහල්කමට ගෙනයනු ලබති.”
උතුරේ ගෙබා සිට දකුණේ රිම්මොන් දක්වා ඇති ජෙරුසලම අවට මුළු දේශය සමතලා කරනු ලබන්නේ ය. ජෙරුසලම ඒ අවට ප්‍රදේශයට ඉහළින් උස් ව තිබෙන්නේ ය. ‘බෙන්ජමින් දොරටුව’ සිට කලින් දොරටුවක් තිබුණු ‘කොනේ දොරටුව’ දක්වා ද ‘හනනෙල් කොත’ සිට රජුගේ මුද්‍රික තටාකය දක්වා ද නුවර පැතිර පවතින්නේ ය.
එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.