Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 23:7 - Sinhala New Revised Version

7 සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ස්වාමීන්වහන්සේගේ ගෘහය ළඟ තිබුණාවූ සොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 23:7
14 හුවමාරු යොමු  

නුඹේ වස්ත්‍රවලින් සමහරක් නුඹ රැගෙන, විසිතුරු වර්ණවත් ගිරිකුළු දේවාල සාදාගෙන එහි වේශ්‍යාකම් කෙළෙහි ය. එවැන්නක් පෙර සිදු වුණේ වත්, මතු සිදු වන්නේ වත් නැත.


ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.


සල්ලාලකම් කළ පිරිමි පවා කඳු මත පූජාස්ථානවල වූ හ. ඉශ්රායෙල් ජනයා යන්න කලින් සමිඳාණන් වහන්සේ පන්නාදැමූ ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා ඔව්හු අනුගමනය කළෝ ය.


ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”


එකල උන් වහන්සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ උතුරට තිබෙන දොරටුවේ දොරකඩට මා ගෙනා සේක. එවිට ස්ත්‍රීන් තම්මුස් දෙවියා ගැන අඬමින් එහි ඉඳගෙන සිටිනු දිටිමි.


ජොෂියා වනාහි ඉශ්රායෙල්වරුන්ට අයිති සියලු රටවලින් සියලු පිළිකුල් දේවල් පහකොට, ඉශ්රායෙල්හි සිටි සියල්ලන් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න සැලැස්සුවේ ය. ඔහුගේ සියලු දවස්වල ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙතින් පහව නොගියෝ ය.


තමාගේ පිය වූ ආසාගේ කාලයෙහි ඉතුරු වූ දේවාල සල්ලාලයන් ඔහු රටින් නෙරපාදැමී ය.


“ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.


ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.


ඔව්හු කඳු මුදුන්වල යාග කරති; හෙල් උඩ ඇති ආලෝන, ලිබීනා, ඒලා යන ගස්වල සෙවණ හොඳ නිසා ඒවා යට සුවඳ දුම් ඔප්පු කරති. එබැවින් නුඹලාගේ දූවරු වේශ්‍යාකම් කරති. භාර්යාවෝ කාමමිථ්‍යාචාරයේ යෙදෙති.


නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්