එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.
2 රාජාවලිය 13:23 - Sinhala New Revised Version එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක. Sinhala New Revised Version 2018 එහෙත්, සමිඳාණන් වහන්සේ ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණා කොට ඔවුන් කෙරෙහි අනුකම්පා කොට ඔවුන් සැලකූ සේක. උන් වහන්සේ ඔවුන් නැති කරන්නට අකමැති ව ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් ඉවත නොදමා සිටි සේක. Sinhala Revised Old Version නුමුත් ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ කළ තමන්ගේ ගිවිසුම නිසා ඔවුන්ට කරුණාකොට, ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන් සැලකූසේක. උන්වහන්සේ ඔවුන් නැතිකරන්ට අකැමැතිව, ඒ වන තුරු ඔවුන් තමන් ඉදිරියෙන් අහක නොදමා සිටිසේක. |
එවිට සමිඳාණන් වහන්සේ, “මිනිසා මැරෙන සුලු බැවින් මාගේ ජීවන හුස්ම ඔහු තුළ සදහට ම පැවතීමට ඉඩ නොතබමි; මින් මතු ඔහුගේ ජීවිත කාලය අවුරුදු එකසිය විස්සකට වැඩි නොවන්නේ ය”යි වදාළ සේක.
එහෙත්, මාගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා අද ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම හා යාච්ඤාව ඇසුව මැනව.
එහෙත්, ජෙහෝවාහාස් සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට, සමිඳාණන් වහන්සේ ඔහුට ඇහුම්කන් දුන් සේක. මන්ද, සිරියාවේ රජ ඉශ්රායෙල්වරුන්ට පීඩා කරන විට ඔවුන්ට පැමිණි පීඩාව සමිඳාණන් වහන්සේ දුටු සේක.
මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ පීඩිතකම ඉතා බරපතල බවත්, දාසයන් ද නිර්දාසයන් ද නැති වී ගිය බවත්, ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන්නට කෙනෙකු නැති බවත් සමිඳාණන් වහන්සේ දුටු සේක.
තවද, ඉශ්රායෙල් යන නාමය මිහි පිටින් මකා දමන බව සමිඳාණන් වහන්සේ නොවදාළ සේක. එබැවින් උන් වහන්සේ ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ලවා ඔවුන් මුදාගත් සේක.
ඒ නිසා සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස් වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළ සේක. ඉතිරි වූයේ ජුදා ගෝත්‍රය පමණකි.
සමිඳාණන් වහන්සේ ද මුළු ඉශ්රායෙල් වංශය අත්හැර ඔවුන්ට පීඩා කොට ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් ඉවත්කර දමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.
මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.
එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
උන් වහන්සේ එවිට පිළිතුරු දෙමින්, “මම මාගේ ශෝභනාලංකාරය නුඹට පෙරටුව යන්නට සලස්වමි. මම නුඹ ඉදිරියෙහි ‘සමිඳාණන් වහන්සේ’ වන මාගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. කරුණාව පෑමට මා කැමැති තැනැත්තාට මම කරුණාව පාමි, දයාව පෑමට කැමැති තැනැත්තාට මම දයාව පාමි”යි වදාළ සේක.
තවද, මා ඔවුන් බේරාගත් පසු, මම යළිත් ඔවුන්ට අනුකම්පා කොට, ඔවුන් එකිනෙකා තමතමාගේ උරුමයටත්, තමතමාගේ දේශයටත් පමුණුවන්නෙමි.
එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි.
“එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, ‘සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න.
තම ජනයාගේ බලය නැති වූ බව, දාසයා ද නිර්දාසයා ද නැති බව, සමිඳාණෝ දැක; සිය සෙනඟට යුක්තිය ඉටු කරන සේක; ඔවුන්ට අනුකම්පා කරන සේක.
ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය.
එවිට ඔව්හු අන් දෙවිවරුන් තමන් කෙරෙන් පහ කර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය. උන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ කාලකණ්ණිකම ගැන ශෝක වූ සේක.