රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
2 රාජාවලිය 1:13 - Sinhala New Revised Version රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පණස්දෙනා සමඟ යැවී ය. පණස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පණස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව. Sinhala New Revised Version 2018 රජ නැවතත් තුන් වන වර පණසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ යැවී ය. පනස්දෙනාට අධිපති වූ තුන්වැනියා ද නැඟී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤා කරමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයට ද ඔබේ මෙහෙකරුවන් වන මේ පනස්දෙනාගේ ප්‍රාණවලට ද හානියක් නොකළ මැනව. Sinhala Revised Old Version රජ නැවතත් තුන්වෙනි වර පනසාධිපතියෙකු ඔහුගේ පනස්දෙනා සමඟ ඇරියේය. පනසට අධිපතිවූ තුන්වෙනියාද නැගී ගොස් එලියා ඉදිරියෙහි දණින් වැටී යාච්ඤාකරමින්: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, මාගේ ප්‍රාණයද ඔබගේ මෙහෙකරුවන්වූ මේ පනස්දෙනාගේ ප්‍රාණද ඔබගේ ඇස් හමුවෙහි අනර්ඝ වේවා. |
රජ තෙම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට කතා කොට, “මාගේ අත සුව වන පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කර මා උදෙසා යාච්ඤා කරන්නැ”යි කී ය. ඒ මනුෂ්‍යයා ද සමිඳාණන් වහන්සේට කන්නලව් කළ විට රජුගේ අත සුව වී පෙර තිබුණාක් මෙන් විය.
එලියා උත්තර දෙමින්, “මම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් නම්, අහසින් ගිනි බැස ඔබ ද ඔබේ පණස්දෙනා ද දවාදමා වා”යි ඔවුන්ට කී ය. එවිට අහසින් ගිනි බැස ඔහු ද ඔහුගේ පණස්දෙනා ද දවාදැමී ය.
බැලුව මැනව, අහසින් ගිනි බැස පළමු පණසාධිපතීන් දෙදෙනා ද ඔවුන්ගේ පිරිස් ද දවාදැමුවේ ය. එහෙත්, දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනව”යි ඔහුට කීවේ ය.
එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය.
එවිට ඔබේ මේ නිලධාරීහු සියලු දෙනා මා වෙත අවුත් මා හමුවෙහි වැඳ වැටී, ‘නුඹ, නුඹේ පිරිවර සමඟ පලා යනු’යි කියනු ඇත. ඉන්පසු මම නික්ම යන්නෙමි”යි කී ය. මෙසේ කී පසු මෝසෙස් උදහසින් දිළිහෙමින් පාරාවෝ වෙතින් නික්ම ගියේ ය.
මිනිස් ලොවෙහි කෙරෙන සියල්ල අතර ඇති එක් වරදක් නම්, සියල්ලන්ට ම එක ඉරණමක් ඇති වීම ය. එනම්, මනුෂ්‍යයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන්ගේ මුළු ජීවිත කාලයෙහි මෝහය ඔවුන්ගේ සිත්වල තිබීම ය, ඉන්පසු ඔව්හු මියයන්නෝ ය.
ඔබ වඩ වඩා කැරලි ගසන්නේ වැඩි වැඩියෙන් දඬුවම් ලබන පිණිස ද? ඉශ්රායෙල් ජාතිය, ඔබේ හිස වණ වී ඇත. ඔබේ සිත මුළුමනින් ම දුර්වල ය.
නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
ඒ නිසා දෙවියන් වහන්සේට යටහත් ව සිටින්න; යක්ෂයාට විරුද්ධ ව සිටින්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.
බලන්න, ජුදෙව්වරුන් නොවන නමුත්, තුමූ ජුදෙව්වරු යයි බොරුවට කියා ගන්නා වූ සාතන්ගේ හවුලේ අයට පැමිණ ඔබේ පා ඉදිරියෙහි වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ බව දැනගන්නටත් සලසන්නෙමි.
එවිට සාවුල් පිළිතුරු දෙමින්, “මම පව් කෙළෙමි; මාගේ පුත් දාවිත්, හැරී එන්න. අද දවසේ ඔබ මාගේ ප්‍රාණය ගරු කොට සැලකූ නිසා ඔබට තවත් මම හිංසා නොකරමි. මම මෝඩයෙකු මෙන් හැසිර, බොහෝ සේ මුළා වීමි”යි කීවේ ය.