දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.
2 තිමෝති 1:16 - Sinhala New Revised Version ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව, සිංහල කාලීන පරිවර්තනය ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ස්වාමින්වහන්සේ දයාව දක්වන සේක්වා! මන්ද ඔහු නිතර මා ප්‍රාණවත් කළේ ය; මගේ සිර-බැඳුම් ගැන ලජ්ජා නො වීය. Sinhala New Revised Version 2018 ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව, Sinhala Revised Old Version ඔනේසිපොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණාකරනසේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය; |
දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.
“මාගේ දෙවියන් වහන්ස, මා කළ මේ දේ සිහි කළ මැනව. මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා ද එහි නමස්කාරය උදෙසා ද මා කළ යහපත් ක්‍රියා අමතක නොකළ මැනව.”
තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”
තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”
එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.
එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය.
මේ කාරණය නිසා ඔබ දකින්නට ද, ඔබ හමු වී, කතා කරන්නට ද ඔබ කැඳෙව්වෙමි. මන්ද, මා මේ දම්වැලෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්රායෙල් ජනතාවගේ බලාපොරොත්තුව නිසා ය”යි කී ය.
සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.
මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.
ඒ මහා දවසේ දී ඔහුට සමිඳාණන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නට උන් වහන්සේ සලස්වන සේක් වා! ඔහු එපීසයෙහි දී මට කෙතරම් උපස්ථාන කළේ දැ යි මට වඩා හොඳින් ඔබ දන්නෙහි ය.
එහෙයින් අපේ සමිඳාණන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීම ගැනත්, උන් වහන්සේගේ සිරකරුවා වන මා ගැනත්, ලජ්ජා නොවන්න. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා, සුබ අස්න වෙනුවෙන් දුක් විඳීමෙහි පංගුකාරයෙක් වන්න.
මාගේ සහෝදරය, සමිඳාණන් වහන්සේ තුළ මට මේ උපකාරය කරන්න; කිතුනුවෙකු වශයෙන් මාගේ සිත සනසන්න.
සහෝදරය, මට ඉමහත් ප්‍රීතියක් ද සැනසිල්ලක් ද ගෙන දෙන්නේ ඔබ නිසා සැදැහැවතුන්ගේ සිත් ප්‍රාණවත් වී ඇති බැවිනි.
ඔබ සිරකරුවන් ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගි වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන, ඔබේ දේපළ කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහු ය.
මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.
නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!