Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 2:6 - Sinhala New Revised Version

6 දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 දැන් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. නුඹලා මේ දේ කළ නිසා මමත් එසේම නුඹලාට යහපත කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 2:6
15 හුවමාරු යොමු  

නපුරු උපා යොදන්නා බරපතල වරදක් කරයි; යහපත කරන්නා කරුණාව ද විශ්වාසය ද ලබයි.


උන් වහන්සේ ඔහු ඉදිරියෙන් ගමන් කරමින්, “මම සමිඳාණන් වහන්සේ ය. මම දයානුකම්පාවෙන් පූර්ණ, වහා නොකිපෙන සුලු, මහා කාරුණික සහ විශ්වාසදායී දෙවියන් වහන්සේ ය;


එහෙත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.


දයාවන්තයෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දයාව ලබන්නෝ ය.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක. දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.


ඊයේ පැමිණි ඔබට අද අප සමඟ ඔබමොබ යන්නට සැලැස්විය යුතු ද? මම වනාහි මට යා හැකි කොතැනට වුව ද යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගෙන යන්න. කරුණාවත්, සැබෑකමත් ඔබ සමඟ වේවා”යි කී ය.


දාවිත් කතා කරමින්, “හානුන්ගේ පිය වූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම හානුන්ට කරුණාව පෙන්වන්නෙමි”යි ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත පණිවුඩයක් යැවී ය. දාවිත්ගේ මෙහෙකරුවෝ අම්මොන්වරුන්ගේ දේශයට පැමිණියහ.


දාවිත් කතා කොට, “බය නොවන්න; සැබෑවට ම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා, ඔබේ පියා වූ සාවුල්ගේ ගම් බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතර ම මා සමඟ එකට වාඩි වී කෑම කන්නෙහි ය”යි ඔහුට කී ය.


රජ ද, “සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරි ව ඇද් ද? ඉතිරි ව ඇත්නම්, මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි”යි කීවේ ය. ශීබා පිළිතුරු දෙමින්, “ජොනතන්ගේ පුත්‍රයෙක් තව ම සිටියි; ඔහු කොර වූ කෙනෙකැ”යි රජුට කී ය.


එබැවින් ඔබේ අත් බලවත් වේ වා! වික්‍රමාන්විත ව සිටින්න. මන්ද, ඔබේ ස්වාමි වූ සාවුල් මිය ගිය නමුත්, ජුදා වංශය කෙරෙහි රජු වශයෙන් ඔව්හු මා අභිෂේක කළහ.”


එවිට ඒ මිනිස්සු ඈට පිළිතුරු දෙමින්, “අපේ මේ රහස ඔබ එළිදරව් නොකළොත්, ඔබ වෙනුවෙන් දිවි පුදන්නට අපි සූදානම් ය. සමිඳාණන් වහන්සේ මේ දේශය අපට දුන් කල, අපි ඔබ කෙරෙහි කරුණාවෙන් ද හිතවත්කමෙන් ද ක්‍රියා කරන්නෙමු”යි කීවෝ ය.


නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්