Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 1:16 - Sinhala Revised Old Version

16 ඔනේසිපොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණාකරනසේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 ඔනෙසිපොරස්ගේ ගෘහ වාසීන්ට ස්වාමින්වහන්සේ දයාව දක්වන සේක්වා! මන්ද ඔහු නිතර මා ප්‍රාණවත් කළේ ය; මගේ සිර-බැඳුම් ගැන ලජ්ජා නො වීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ඔනේසිපොරස්ගේ පවුලේ අයට සමිඳාණන් වහන්සේගේ කරුණාව ලැබේ වා! මන්ද, ඔහු බොහෝ වර මට සැනසිල්ලක් විය. ඔහු මා සිරගත වීම ගැන ලජ්ජා නොවූවා පමණක් නොව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 1:16
27 හුවමාරු යොමු  

ප්‍රිස්කාටද අකිලාටද ඔනේසිපොරස්ගේ පවුලටද ආචාරකරන්න.


එසේය, සහෝදරය, ස්වාමීන්වහන්සේ තුළ නුඹෙන් මට ප්‍රීතිය ලැබේවා. ක්‍රිස්තුස්වහන්සේ තුළ මාගේ සිත ප්‍රාණවත්කරන්න.


මක්නිසාද සහෝදරය, නුඹ කරණකොටගෙන ශුද්ධවන්තයන්ගේ සිත් ප්‍රාණවත්කරනු ලබන බැවින් නුඹේ ප්‍රේමය නිසා බොහෝ සන්තෝෂයද සැනසිල්ලද මට ලැබුණේය.


මා විසින් කථාකරන්ට යුතුව තිබෙන හැටියට ඒ ගැන භය නැතුව කථාකරන පිණිසත්, සියලු ශුද්ධවන්තයන් ගැනද මා උදෙසාද නොකඩවම සියලු ඉල්ලීම්වලින් අවදිව සිටින්න.


මේ කාරණය නිසා නුඹලා දකින්ටද නුඹලා සමඟ කථාකරන්ටද නුඹලා කැඳෙවුවෙමි. කුමක් හෙයින්ද මා මේ දම්වැළෙන් බඳිනු ලැබ සිටින්නේ ඉශ්‍රායෙල්ගේ බලාපොරොත්තුව නිසායයි කීවේය.


මක්නිසාද හිරකාරයන්ව සිටින්නන්ට නුඹලා අනුකම්පාව දැක්වූවා පමණක් නොව, වඩා උතුම්වූ පවතින්නාවූ වස්තුවක් නුඹලාට ඇති බව දැනගෙන, නුඹලාගේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසුවහුය.


මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.


(ඒ දවසේදී ඔහුට ස්වාමීන්වහන්සේගෙන් දයාව ලැබෙන්ට ස්වාමීන්වහන්සේ සලස්වනසේක්වා.) ඔහු එපීසයෙහිදී කොපමණ දේවලින් සේවයකළේද කියා නුඹ හොඳහැටි දන්නෙහිය.


එබැවින් අපගේ ස්වාමීන්වහන්සේගේ සාක්ෂිය ගැනවත් උන්වහන්සේගේ හිරකාරයෙක් වන මා ගැනවත් ලජ්ජා නොවී, දෙවියන්වහන්සේගේ බලයේ ප්‍රකාරයට ශුභාරංචිය නිසා මා සමඟ දුක් විඳින්න.


මක්නිසාද ඔව්හු මාගෙත් නුඹලාගෙත් ආත්ම ප්‍රාණවත්කළෝය. එබැවින් එබඳු අය සලකන්න.


දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.


දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි.


කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක;


පූජකයන්ගෙත් ලෙවීවරුන්ගෙත් කටයුතු නියම කාලවලට දර පඬුරුද ප්‍රථම ඵලද ගැන නියමකෙළෙමි. මාගේ දෙවියන්වහන්ස, යහපත පිණිස මා සිහිකළ මැනව.


තවද සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදුවී ඇවිත් දොරටු රැකවල් කරන්ටය කියා මම ලෙවීවරුන්ට අණකළෙමි. මාගේ දෙවියන්වහන්ස, මේ නිසාත් මා සිහිකර, ඔබගේ කරුණාවේ මහත්කම පරිද්දෙන් මට දයාවී වදාළ මැනව.


මාගේ දෙවියන්වහන්ස, මේ ගැන මා සිහිකළ මැනව, මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයද ඒකේ නියම පිළිවෙත්ද උදෙසා මා විසින් කළ යහපත් ක්‍රියා නොමැකුව මැනව.


මාගේ දෙවියන්වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මට යහපත පිණිස සිහිකළ මැනව.


නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.


දැන් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාවත් සැබෑකමත් පෙන්වනසේක්වා. නුඹලා මේ දේ කළ නිසා මමත් එසේම නුඹලාට යහපත කරන්නෙමි.


එවිට අධිපතියා ළංවී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්ට අණකොට: මොහු කවුද? කුමක් කෙළේදැයි විචාළේය.


ඒ කාරණය නිසා මේ දේවලුත් විඳීමි. එසේවී නුමුත් මම ලජ්ජා නොවෙමි. මක්නිසාද මා විසින් අදහාගත් තැනන්වහන්සේ කවුද කියා මම දැනගෙන, මා උන්වහන්සේට භාරදී තිබෙන දේ ඒ දවස දක්වා ප්‍රවේසම්කරන්ට උන්වහන්සේ පොහොසත් බව විශ්වාසකරගන සිටිමි.


ඔහු රෝමයට ආකල බොහෝ උත්සාහයෙන් මා සොයා මා සම්බවෙන්ට ආවේය.


එහෙත් මම ඒ දවසේදී නුඹ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ භයව සිටින මනුෂ්‍යයන් අතට නුඹ අසුවන්නේ නැත.


එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්