එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,
2 කොරින්ති 5:14 - Sinhala New Revised Version සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. සිංහල කාලීන පරිවර්තනය අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝම මැරුණෝ යයි ද Sinhala New Revised Version 2018 සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි. Sinhala Revised Old Version මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්, |
එවිට තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව සමීපයෙහි වූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනා හ. එහෙත්, දාවිත් එය බොන්නට අකමැති ව, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජාවක් ලෙස වත් කොට,
මා ඔබ සමඟ ගෙන යන්න; අපි එකට දුවමු. මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න. එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත. අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු. සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?
අපි සියල්ලෝ ම බැටළුවන් මෙන් මුළා වී තම තමා සිතූ මඟට හැරී ගියෙමු. සමිඳාණෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූ සේක.
මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”
මන්ද, මේ මාගේ පුත්‍රයා මැරී සිට යළි ජීවත් ව සිටියි; නැතිවී සිට සම්බ වී ය’යි කී ය. එවිට ඔව්හු ප්‍රීති ප්‍රමෝද වන්න පටන්ගත්හ.
අප ප්‍රීති සන්තෝෂ විය යුතු ම ය. මන්ද, මේ ඔබේ මල්ලී මැරී සිටි නමුත් නැවත ජීවත් ව සිටි’ “යි; නැති වී සිටි නමුත් නැවත සම්බ වී ය’යි කීයේ ය.
එවිට ඔව්හු: “දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.
පසු දින ජොහන් තෙමේ ජේසුස් වහන්සේ තමා සමීපයට වඩිනු දැක, “මෙන්න, ලෝකයේ පාපය දුරලන දෙවියන් වහන්සේගේ බැටළු පෝතකයාණෝ!
ජේසුස් වහන්සේ කතා කරමින්, පුනරුජ්ජීවනය ද, ජීවනය ද මම වෙමි; මා අදහාගන්නා මැරුණත් ජීවත් වන්නේ ය;
ඒකාන්තයෙන් මම ඔබට කියමි: දේව පුත්‍රයාණන්ගේ හඬ මළවුන් හට ඇසෙන පැය පැමිණෙන්නේ ය; දැනට ම පැමිණ ඇත; සවන් දෙන අය ජීවත් වෙති.
සීලස් ද තිමෝතියස් ද මසිදෝනියෙන් ආ කල ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ ම යයි පාවුලු ජුදෙව්වරුන්ට සාක්ෂි දෙමින්, ධර්මය දේශනා කිරීමේ කාර්යයෙහි ම නිරත විය.
එහෙත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයේ ක්‍රියාවත්, ආදම්ගේ පාපී ක්‍රියාවත් අතර සමානත්වයක් නැත. එසේ කියන්නේ, එක මිනිසෙකුගේ පාපය හැම මිනිසාගේ ම මරණයට හේතු වූ නමුත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය හා ජේසුස් ක්‍රිස්තුස් නම් එක මනුෂ්‍යයාගේ දයාන්විත දීමනාව බොහෝ දෙනෙකුට විපුල ආසිරි ගෙන දීමේ අමුතු ම හේතුවක් වූ බැවිනි.
තවද ඔබේ ඉන්ද්‍රියයන් අදමිටුකමේ ආයුධ වන ලෙස පාපයට භාර නොදෙන්න. එසේ නොකර මළවුන් කෙරෙන් උත්ථාන වූ අය මෙන් දෙවියන් වහන්සේට කැප වී, ඔබේ ඉඳුරන් දමිටුකමෙහි ආයුධ වන ලෙස උන් වහන්සේට භාර කරන්න.
මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු.
යමෙක් සමිඳාණන් වහන්සේට ප්‍රේම නොකරන්නේ නම්, ඔහු සාප ලද්දෙක් වේ වා! ‘මරනථා’ - සමිඳාණන් වහන්ස, වැඩිය මැනව.
එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.
අකුරින් අකුර ගලේ ලියා කොටන ලද ව්‍යවස්ථාව මරණය ඇති කළ නමුත්, එය ප්‍රදානය කරන ලද්දේ මහා තේජසිනි. ඒ තේජස පහ ව යන්නක් වූ නමුත්, එයින් උද්දීපනය වූ මෝසෙස්ගේ මුහුණ දෙස නෙත් යොමු කර බලා සිටීම ඉශ්රායෙල් සෙනඟට නොහැකි තරමට එය දීප්තිමත් විය.
අප වරදට පත් කළ ව්‍යවස්ථාව ප්‍රදානය කිරීම තේජාන්විත වී නම්, අප දමිටු කරන ශුද්ධාත්මයාණන් වහන්සේ ප්‍රදානය කිරීම ඊටත් වඩා තේජාන්විත නොවේ ද?
මම ක්‍රිස්තුන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබ සිටිමි; ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ; ක්‍රිස්තුන් වහන්සේ මා තුළ ජීවත් වන සේක. තවද මා දැන් මාංසයෙහි ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළ මා උදෙසා සිය දිවි දුන්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි.
අමරණීය ප්‍රේමයකින් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරන සියලු දෙනාට කරුණාව වේ වා!
ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක.
මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි.
සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක.
මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු.
එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය.
මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.
ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,