Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 2:14 - Sinhala New Revised Version

14 එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මිකව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් ශුද්ධාත්මයාණන් ලබා නැති තැනැත්තාට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් එන සත්‍යයන් පිළිගත නොහැකි ය. ඒවා ඔහුට ප්‍රලාපයකි. ඒවා ආධ්‍යාත්මික ලෙස විමසා දැනගත යුතු නිසා ඒවා ඔහුට නොතේරේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 2:14
36 හුවමාරු යොමු  

උඩඟු මිනිසා ප්‍රඥාව සොයතත්, එය නොලබයි; බුද්ධිමතා පහසුවෙන් ම දැනුම ලබයි.


එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, “සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.


ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්, “ඔහුට දුෂ්ටාත්මයක් වැහී ඇත; සිහිවිකල වී ඇත; ඔහුට කන්දෙන්නේ කුමට දැ”යි කී හ.


උන් වහන්සේ ඔවුන් ඉදිරියේ එපමණ හාස්කම් සිදු කළ නමුදු, ඔවුන් උන් වහන්සේ අදහාගත්තේ නැත.


ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.


එහෙත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සහායදායකයාණන් වහන්සේ, එනම්, ශුද්ධාත්මයාණන් වහන්සේ සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවන සේක.


“මා විසින් ඔබ වෙත එවා වදාරන සහායදායකයාණන්, එනම්, පියාණන් වහන්සේ වෙතින් නික්මෙන සත්‍යතාවේ ආත්මයාණන් පැමිණි කල උන් වහන්සේ මා ගැන සාක්ෂි දරන සේක.


එක ම දෙවියන් වහන්සේගේ ගෞරවය නොසොයන, එකිනෙකාගෙන් ගෞරව ලබන්නට ප්‍රිය කරන ඔබ, අදහාගන්නේ කෙසේ ද?


මා කියන දේ ඔබට අවබෝධ නොවන්නේ මන් ද? මාගේ දහම තේරුම් ගැනීමට ඔබ අපොහොසත් බැවිනි.


ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක.


එපීකුරිය සහ ස්තෝයික දාර්ශනිකයන්ගෙන් සමහරෙක් ද ඔහුට මුණ ගැසුණාහ. ඇතැමෙක්, “මේ වාචාලයා කුමක් කියන්නට හදනවා දැ”යි කී හ. “ඔහු අන්‍ය දෙවිදේවතාවන් ප්‍රචාරය කරන්නෙකු මෙන් පෙනේ ය”යි සමහරු කී හ. මෙසේ කීවේ ඔහු ජේසුස් වහන්සේ හා උන් වහන්සේගේ පුනරුජ්ජීවනය ප්‍රකාශ කළ බැවිනි.


මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණ කල, සමහරු සරදම් කළහ. සමහරු, “මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමු”යි කී හ.


එහෙත් මේ වනාහි ඇතැම් වචන ගැන ද ඇතැම් නාම ගැන ද ඔබගේ ම ව්‍යවස්ථාවලිය ගැන ද වූ ප්‍රශ්න වන බැවින් ඒ ගැන ඔබ ම වගබලාගන්න; මේ දේවල් ගැන මම විනිශ්චයකාරයෙක් නොවන්නෙමි”යි කියා,


ඔහුට විරුද්ධ ව ඔවුන් ඉදිරිපත් කෙළේ තම ආගම ගැනත්, ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත් ව සිටිති යි යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරක් පමණකි.


කුරුසියේ පණිවුඩය, විනාශ වන අයට විකාර දෙඩුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ.


මන්ද, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැනගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකැ යි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගළවාලීමට උන් වහන්සේ සතුටු වූ සේක.


එහෙත් අපි, කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිළීමකි. විජාතීන්ට ප්‍රලාපයකි.


ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි.


වළලනු ලබන්නේ ස්වාභාවික ශරීරයකි. උත්ථාන කරනු ලබන්නේ ආත්මික ශරීරයකි. ස්වාභාවික ශරීරයක් ඇති සේ ම ආත්මික ශරීරයක් ද ඇත.


එසේ වුවත් මුලින් පැමිණෙන්නේ ආත්මික දේ නොව, ස්වාභාවික දේ ය. පසුව ආත්මික දේ පැමිණේ.


එහෙත් දෙවියන් වහන්සේ නොමසුරු ව අපට දුන් සියල්ල තේරුම් ගන්නා පිණිස, අප ලබා ඇත්තේ මෙලොවේ ප්‍රඥාවක් නොව, දෙවියන් වහන්සේගෙන් නික්ම එන ශුද්ධාත්මයාණෝ ය.


සහෝදරයෙනි, ශුද්ධාත්ම වරම ලත් අයට මෙන් ඔබට කතාකිරීමට මට නොහැකි බැවින්, පෘථග්ජනයන්ට, ළා බාල කිතුනුවන්ට මෙන් මම ඔබට කතා කෙළෙමි.


එවැනි ප්‍රඥාව ඉහළින් පැමිණෙන්නක් නොවේ. එය ලෞකික ය, කාමුක ය, අමානුෂික ය.


එහෙත් ඔබ වනාහි ශුද්ධ තැනැන් වහන්සේගෙන් ආලේපය ලබා ඇත. එයින් ඔබ හැමට ප්‍රඥාව ලැබී ඇත.


උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.


තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.


ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්