Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 5:14 - Sinhala Revised Old Version

14 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 අප මෙසේ නිගමන කර ඇති බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප පාලනය කරයි. එනම්, සියල්ලන් වෙනුවෙන් එක් කෙනෙක් මැරුණේ යයි ද එබැවින් සියල්ලෝම මැරුණෝ යයි ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සියල්ලන් උදෙසා එක් කෙනෙකු මළ නිසා, සියල්ලෝ ම මළහ යි අප නිගමනය කරන බැවින් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බොහෝ සෙයින් බලපායි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:14
43 හුවමාරු යොමු  

මම ක්‍රිස්තුස්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබ සිටිමි; එසේවී නුමුත් මම ජීවත්වෙමි; නුමුත් තවත් මා නොව ක්‍රිස්තුස්වහන්සේ මා තුළ ජීවත්වනසේක. තවද මා දැන් මාංසයෙහි ජීවත්වන ජීවිතය මට ප්‍රේමකළාවූ, මා උදෙසා තමන්ම පාවාදුන්නාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත්වෙමි.


නුමුත් වරද යම්සේද නොමිලයේ දීමනාව එසේ නොවේ. මක්නිසාද එක්කෙනාගේ වරදෙන් බොහෝදෙනා මළාහු නම්, ඊටත් වඩා දෙවියන්වහන්සේගේ කරුණාවත් එකම මනුෂ්‍යයාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවෙන් වූ දීමනාවත් බොහෝ දෙනා සඳහා වැඩිවූයේය.


එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.


නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා,


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


මක්නිසාද නුඹලාගේ වැඩයද නුඹලා ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.


මක්නිසාද වරදට පත්කිරීමේ සේවය තේජස නම් ධර්මිෂ්ඨකමේ සේවයේ තේජස ඊට වඩා බොහෝසෙයින් වැඩිව තිබේ.


නුමුත් දෙවියන්වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා මරණය විඳින පිණිස දේවදූතයන්ට වඩා මඳක් පහත්කරනු ලැබුවාවූ උන්වහන්සේ, එනම් යේසුස්වහන්සේ, මරණය වින්ද නිසා තේජස හා ගෞරවය නමැති ඔටුන්න පැළඳගන සිටින බව අපට පෙනේ.


මක්නිසාද අපිත් වරක් අඥානව, අකීකරුව, මුළාව, අනේකාකාර තෘෂ්ණාවලටත් සැප සෙල්ලම්වලටත් වහල්ව, ක්‍රෝධයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින්, නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව, එකිනෙකාට වෛරකරමින් සිටියෙමුව.


නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.


යමෙක් ස්වාමීන්වහන්සේට ප්‍රේම නොකරන්නේ නම් ඔහු ශාපලද්දෙක් වේවා. ස්වාමීන්වහන්සේ එනසේක.


උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ම දුන්නාවූ, මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. ඊට සාක්ෂිය නියම කාලවලදී ලැබේ.


නුඹලාගේ වරදවලද මාංසයේ අචර්මඡේද්‍යයෙහිද මැරී සිටියාවූ නුඹලා, උන්වහන්සේ සමඟ ජීවත්කරවූසේක. එසේය, උන්වහන්සේ අපේ සියලු වරද අපට කමාකළසේක;


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අවංකකමින් ප්‍රේමකරන්නාවූ සියල්ලන්ට අනුග්‍රහය වේවා.


යේසුස්වහන්සේ: නැවත–නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.


මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය.


නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.


මක්නිසාද මේ මාගේ පුත්‍රයා නැසී, නැවත ජීවත්ව සිටියි; ඔහු නැතිවී, සම්බවීයයි කීවේය. එවිට ඔව්හු ප්‍රීතිවෙන්ට පටන්ගත්තෝය.


අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.


අපි දෙවියන්වහන්සේගෙන් වන බවද මුළු ලෝකයා නපුරා තුළ බවද දනිමුව.


ඉදින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෝසෙස්ගේ මුහුණේ තිබුණු නැතිවීයන්නාවූ තේජස නිසා ඔහුගේ මුහුණ දෙස ඇස් හෙළා සිටින්ට බැරි ලෙස ගල්වල ලියා කොටනලද මරණයාගේ සේවය තේජසින් යුක්තව පැමිණියේ නම්,


එබඳු දේ කරන්නන්ට විරුද්ධව දෙවියන්වහන්සේගේ විනිශ්චය සැබෑවේ ප්‍රකාරයට පවත්නා බව දනිමුව.


සැබවක් සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ පුත්‍රයාගේ හඬ මළවුන්ට ඇසෙන පැය පැමිණෙන්නේය, දැනුත් පැමිණ තිබේ; අසන අය ජීවත්වන්නෝය.


මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.


නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.


නුමුත් ඔව්හු: දවස බොහෝ ගතවී, සවස්වේගන එන බැවින්, අප සමඟ නැවතුණ මැනව කියා උන්වහන්සේට උදක්ම පෙරැත්තකළෝය. උන්වහන්සේ ඔවුන් සමඟ නවතින්ට ඇතුළට ගියසේක.


නුමුත් අප විසින් ප්‍රීති සන්තෝෂවෙන්ට යුතුව තිබුණේය. මක්නිසාද මේ නුඹේ සහෝදරයා නැසී නැවත ජීවත්ව සිටියි; නැතිවී සම්බවීයයි කීයේයයි කීසේක.


මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද බව දනිමුව.


නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න.


මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.


එවිට ඒ තුන්දෙනා පිලිස්තිවරුන්ගේ හමුදාව මැදින් බිඳගන ගොස් බෙත්-ලෙහෙමේ දොරටුව සමීපයෙහිවූ ළිඳෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙනාවෝය. නුමුත් දාවිත් ඒවා බොන්ට නොකැමැතිව, ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වත්කොට කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්