තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි.
2 කොරින්ති 12:2 - Sinhala New Revised Version දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. සිංහල කාලීන පරිවර්තනය වසර දාහතරකට උඩදී, තුන් වන ස්වර්ගයට ඔසවා ගනු ලැබූ, ක්‍රිස්තුස්වහන්සේ තුළ මනුෂ්‍යයකු ගැන මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්තව ද නැතහොත් ශරීරයෙන් වියුක්තවදැයි මා දන්නේ නැත; දෙවියන්වහන්සේ දන්නා සේක. Sinhala New Revised Version 2018 දසසතර වසරකට පෙර, තුන් වන ස්වර්ගය දක්වා ඔසවාගනු ලැබූ කිතුනුවෙකු මම දනිමි. එසේ වූයේ ශරීරයෙන් යුක්ත ව ද, නොහොත් ශරීරයෙන් වියුක්ත ව දැ යි මම නොදනිමි. දෙවියන් වහන්සේ දන්නා සේක. Sinhala Revised Old Version ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක. |
තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි.
“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?
ඔව්හු එලිෂාට කතා කොට, “මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පණස්දෙනෙක් සිටිති. ඔව්හු ගොස් ඔබේ ස්වාමියා සොයත් වා. සමහර විට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම්කිසි කන්දක් පිට වත්, යම්කිසි මිටියාවතක වත් දමන්නට ඇතැ”යි ඔහුට කී හ.
උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය.
එවිට ආත්මානුභාවය මා ඔසවාගෙන ඇතුළු මළුවට මා පැමිණෙව්වේ ය. මාලිගාව සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරයෙන් පිරී තිබෙන බව දිටිමි.
මාගේ මාංසය අනුභව කරන, මාගේ රුධිරය පානය කරන තැනැත්තේ මා තුළ ජීවත් වන්නේ ය; මම ද ඔහු තුළ ජීවත් වන්නෙමි.
“තවද මම ජෙරුසලමට හැරී අවුත් දේව මාලිගාවේ දී ධ්‍යානශීලී ව යාච්ඤා කරමින් සිටිය දී දර්ශනයක් දුටිමි.
ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අචල බැතිමතෙකු වන අපොල්ලස්ට මාගේ ආචාරය පිරිනමන්න. අරිස්තොබුලස්ගේ ගෘහවාසීන්ට ද
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ මාගේ සහකාර සේවකයන් වූ, මා උදෙසා දිවි පිදීමට වුව ද කැමැත්ත පෙන් වූ, ප්‍රිස්කාට ද අකිලාට ද මාගේ ආචාරය පිරිනමන්න.
මගේ ම රටවැසියන් වූ මා සමඟ සිරගත ව සිටි, අන්ද්‍රෝනිකස්ට හා ජුනියස්ට මාගේ ආචාරය පිරිනමන්න. ප්‍රේරිතයන් අතර කීර්තියක් දරන මොවුහු මට පළමුවෙන් කිතුනුවෝ වූ හ.
ක්‍රිස්තුන් වහන්සේ තුළ අපගේ සහකාර සේවකයෙකු වූ උර්බානස්ට ද මාගේ හිත මිතුරු ස්තාකිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න.
ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.
මෙසේ කියන්නේ මා ඔබට ප්‍රේම නොකරන නිසා ද? නැත. මා ඔබට ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
ඔබ ඇදහිල්ලේ පවතින්නහු ද කියා ඔබ ම සෝදිසි කර බලන්න; විමසා බලන්න. ක්‍රිස්තුන් වහන්සේ ඔබ තුළ වැඩවසන බව ඔබ නොදන්නහු ද? නොදන්නහු නම් ඔබ පරාජිතයෝ වන්නහු ය.
එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.
දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.
පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය.
බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.
එවිට ජීවතුන් අතර සිටින අපි, ඔවුන් සමඟ සමිඳාණන් වහන්සේ හමු වන පිණිස, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. මෙසේ අපි නිතර ම සමිඳාණන් වහන්සේ සමඟ සිටින්නෙමු.
එබැවින් අහස් මඬල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා, අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.
සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.
ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය.
එකෙණෙහි ම මම ආත්මයාණන් වහන්සේගේ බලයට යටත් වී සිටියෙමි. ස්වර්ගයෙහි සිංහාසනයක් තිබිණි. ඒ සිංහාසනයෙහි කෙනෙක් වැඩ උන්හ.