Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 18:12 - Sinhala New Revised Version

12 තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, මා ඔබ වෙතින් අහක් ව ගිය වහාම දේවාත්මභාවය මා නොදන්න තැනකට ඔබ ගෙනයනු ඇත. මා ගොස් ආහබ්ට කී කල, ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනු ඇත. එහෙත්, ඔබේ මෙහෙකරු වන මම, බාල වයසේ පටන් සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය පාමින් සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 තවද මා ඔබ වෙතින් අහක්ව ගිය වහාම ස්වාමීන්වහන්සේගේ ආත්මය මා නොදන්නා තැනකට ඔබ ගෙනයනවා ඇත; මා ගොස් ආහබ්ට කී කල ඔහුට ඔබ සම්බ නොවන නිසා මා මරනවා ඇත. එහෙත් ඔබගේ මෙහෙකරුවූ මම බාලවයසේ පටන් ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 18:12
27 හුවමාරු යොමු  

එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය.


තවද, ඔවුන් කතා කරමින් යද්දී, ගිනි අශ්ව රථයක් ද ගිනි අශ්වයෝ ද පෙනී ඔවුන් දෙදෙනා වෙන් කළෝ ය. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැඟී ගියේ ය.


ඔව්හු එලිෂාට කතා කොට, “මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පණස්දෙනෙක් සිටිති. ඔව්හු ගොස් ඔබේ ස්වාමියා සොයත් වා. සමහර විට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම්කිසි කන්දක් පිට වත්, යම්කිසි මිටියාවතක වත් දමන්නට ඇතැ”යි ඔහුට කී හ.


ඔහු රජකමට පත් වූ අට වන අවුරුද්දේ, බාල වියේ සිටිය දී ම, තමාගේ පිය වූ දාවිත්ගේ දෙවියන් වහන්සේ සොයන්න පටන්ගෙන, දොළොස් වන අවුරුද්දේ දී ගිරිකුළු දේවාල ද අෂේරා කප් කණු ද කැපූ රූප ද වාත්තු රූප ද පහකර ජුදා සහ ජෙරුසලම පිරිසිදු කරන්න පටන් ගත්තේ ය.


මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ මාගේ බලාපොරොත්තුව වන සේක. සමිඳුනි, මාගේ තරුණ වියේ සිට මාගේ විශ්වාසය මම ඔබ තුළ තැබුවෙමි.


දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්‍රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි.


මෙහි දී මැද පිළිවෙත අනුගමනය කරන්න. කෙසේ වෙතත්, දේව ගරුබිය ඇති තැනැත්තේ සඵලවනු ඇත.


ඔබ අතරෙන් සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති අය එතුමන්ගේ සේවකයා කියන දේට සවන් දෙන්න. තමන්ට ආලෝකයක් නැති ව, අන්ධකාරයෙහි ඇවිදින අය සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන්න: එතුමන් කෙරෙහි බලාපොරොත්තුව තබන්න!


එවිට ආත්මානුභාවය මා ඔසවා කල්දියාවෙහි විප්‍රවාසගත ව සිටින අය වෙත පැමිණෙව්වේ ය. මේ සියල්ල සිදු වූයේ දේවාත්මානුභාවය විසින් එවන ලද දර්ශනයක් මඟිනි. මෙසේ මා දුටු දර්ශනය මා වෙතින් පහ ව ගියේ ය.


සමිඳාණන් වහන්සේගේ හස්තය මා පිට පැමිණියේ ය. උන් වහන්සේ සිය ආත්මානුභාවයෙන් මා පිටතට පමුණුවා ඇටකටුවලින් පිරී තිබුණ මිටියාවතක් මැද මා සිටෙවු සේක.


එතුමා අතක් වැන්නක් දිගු කොට මාගේ හිසේ කෙස් රො‍දකින් මා අල්ලාගත්තේ ය. දේවාත්මානුභාවය ද දෙවියන් වහන්සේගෙන් වූ දර්ශනය මඟින් පොළොවටත්, අහසටත් අතරේ මා උසුලාගෙන ගොස්, ජෙරුසලමේ උතුරු දෙස තිබෙන, දේව උදහස උපදවන ද්වේෂ සහගත රූපයක් ඇති ඇතුළු දොරටුවට මා පැමිණෙවුවේ ය.


එකල හෙරොද් තෙමේ ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, අතිශයින් උදහස් විය. එවිට ඔහු ශාස්ත්‍රවන්තයන්ගෙන් විමසා, හරියාකාර දැනගත් කාලය අනුව, දෑවුරුදු වයස් වූ ද, ඊට බාල වූ ද, බෙත්ලෙහෙම හා ඒ අවට මුළු පෙදෙසෙහි සිටි සියලු පිරිමි දරුවන් මරාදැමීමට අණ කෙළේ ය.


එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක.


මන්ද, ඔහු සමිඳාණන් වහන්සේ අබිමුවෙහි ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහු මිදියුස වත්, මත්පැන් වත් නොබොන්නේ ය. මව්කුස සිට ම ඔහු ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වන්නේ ය.


හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.


ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය.


ළමාවියේ සිට ඔබ ශුද්ධ ලියවිලි දැනගත් බව ද අමතක නොකරන්න. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලත්, ගැළවීමේ මාර්ගයත්, ඒවායින් ඉගෙනගත හැකි ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “මා එසේ කරන්නේ කොහොම ද? එය සාවුල්ට සැළ වුණොත් ඔහු මා මරනු ඇතැ”යි කී ය. සමිඳාණන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “නුඹ වැස්සියක ගෙන ‘සමිඳාණන් වහන්සේට පූජා කරන පිණිස ආවෙමි’යි කියන්න.


ළමා වියෙහි සිටි සාමුවෙල් හණ ඒපොද් සැට්ටයක් ඇඳගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවය කරමින් සිටියේ ය.


සාමුවෙල් කාය ශක්තියෙන් ද සමිඳාණන් වහන්සේගෙන් හා මනුෂ්‍යයන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්