ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 12:14 - Sinhala New Revised Version

මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

දැන්, තුන් වන වරටත් ඔබ වෙත එන්නට මා සූදානම්ව සිටිතත්, මා ඔබට බරක් වන්නේ නැත. මට ඕනෑ ඔබ මිස, ඔබ සතු දෑ නො වේ. මන්ද ඉතිරි කළ යුතුව ඇත්තේ, දෙමාපියන් විසින් දරුවන් උදෙසා මිස, දරුවන් විසින් දෙමාපියන් උදෙසා නො වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 12:14
28 හුවමාරු යොමු  

ධර්මිෂ්ඨයා ජීවන වෘක්ෂයක් මෙන් පල දරයි; එහෙත් සැහැසි අයට එය නැති වී යයි.


සුදනන්ගේ වස්තුව සිය පරපුරට උරුම වෙයි: දුදනන්ගේ වස්තුව සුදනන්ට හිමි වෙයි.


ගෙවතු හා වස්තුව පියාගෙන් ලැබෙන උරුමයකි; නුවණින් ක්‍රියා කරන බිරිඳ දෙවි තුම දෙන දීමනාවකි.


“මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ එඬේරුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියන්න. දිවැස් වැකි කියමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට එනම්, එඬේරුන්ට කියන්න. තමන් ම පෝෂණය කරගන්න ඉශ්රායෙල් එඬේරුනි, නුඹලාට වන විපතක මහත! නුඹලා බැටළුවන් පෝෂණය කළ යුතු නොවන්නහු ද?


මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.


කිසිවෙකු තමාගේ ම වාසිය නොසොයා අසල්වාසියාගේ යහපත සෙවිය යුතු ය.


මම නම් මාගේ ම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙකුගේ ගැළවීම පිණිස, ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියල්ලෙහි දී සියල්ලන් සතුටු කරමි.


යමෙකුට බඩගිනි නම්, ඔබගේ රැස්වීම දේව දඬුවමට පාත්‍ර නොවන ලෙස, ඔහු ගෙදර දී කෑවාවේ. අනිත් කරුණු ගැන, මා පැමිණි විට, මම පිළිවෙළක් කරමි.


මසිදෝනිය මැදින් යන්නට මා අදහස් කරන බැවින්, එසේ ගිය පසු, මම ඔබ වෙත එන්නෙමි.


එහෙත් සමිඳාණන් වහන්සේ කැමැති වන සේක් නම්, මම නොපමා ව ඔබ වෙත අවුත්, අහංකාර අයගේ කථිකත්වය නොව ඔවුන්ගේ බලයේ තරම දැනගන්නෙමි.


අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.


එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.


මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.


මේ සියල්ල ගැන මට සහතිකයක් තිබුණු බැවින්, ඔබට දෙවරක් මා දැක ගැනීමේ වාසනාව ලබා දෙනු පිණිස මම පළමුවෙන් ඔබ වෙත ඒමට අදහස් කෙළෙමි.


තවද, ඔබ අතර සිටිය දී, අගහිඟකම් ඇති වූ විට කිසිවෙකුට බරක් නොවීමි. මසිදෝනියාවෙන් ආ සහෝදරයෝ මාගේ අගහිඟකම් පිරිමැසූ හ. සියල්ලෙහි දී ඔබට බරක් නොවී සිටීමට ඉටාගතිමි. මතු ද එසේ කරන්නෙමි.


මා ඔබට දැක්වූ සැලකිල්ල, අන් සභාවලට දැක්වූ සැලකිල්ලට වඩා කිසි ලෙසකින් අඩු වී ද? ඇති වූ එක ම අඩුව නම්, මා ඔබට බරක් නොවීම ය. ඒ වරද ගැන මට සමා වන්න.


මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි.


එහෙයින් මාගේ ප්‍රේමවන්ත, හිතවත් සහෝදරවරුනි, මාගේ ප්‍රීතියත්, ඔටුන්නත් වන ප්‍රේමවන්තයෙනි, මෙසේ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්න.


මා දීමනාව සොයනවා නොවේ. මා සොයන්නේ ඔබගේ ගිණුම අධික ලෙස වැඩි කරන විපාකය යි.


පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.


ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය.