Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 12:14 - සිංහල කාලීන පරිවර්තනය

14 දැන්, තුන් වන වරටත් ඔබ වෙත එන්නට මා සූදානම්ව සිටිතත්, මා ඔබට බරක් වන්නේ නැත. මට ඕනෑ ඔබ මිස, ඔබ සතු දෑ නො වේ. මන්ද ඉතිරි කළ යුතුව ඇත්තේ, දෙමාපියන් විසින් දරුවන් උදෙසා මිස, දරුවන් විසින් දෙමාපියන් උදෙසා නො වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මම දැන් තුන් වන වරටත් ඔබ වෙත එන්නට සූදානම් ව සිටිමි. එහෙත් මම ඔබට බරක් නොවෙමි. මට වුවමනා ව තිබෙන්නේ ඔබේ දේපළ නොව, ඔබ ම ය. එසේ කියන්නේ දරුවන් දෙමවුපියන් උදෙසා නොව, දෙමවුපියන් දරුවන් උදෙසා මුදල් ඉතිරි කළ යුතු බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මෙන්න, තුන්වෙනි වරට නුඹලා වෙතට එන්ට සූදානම්ව සිටිමි. නුමුත් නුඹලා මිස නුඹලාගේ දේපළ මා නොසොයන නිසා මම නුඹලාට බරක් නොවන්නෙමි. මක්නිසාද රැස්කර තබන්ට යුතුව තිබෙන්නේ දරුවන් විසින් මවුපියන්ට නොව මවුපියන් විසින් දරුවන්ටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 12:14
28 හුවමාරු යොමු  

මම මගේම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකුම හැම අයුරින්ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.


කිසිවකු තමාගේ වාසියම නො ව, අන් අයගේ යහපත සොයා බැලිය යුතු ය.


මේ ගැන මට සහතික බැවින්, අනුග්‍රහයේ දෙවන අත්දැකීමක් ඔබට ලැබෙන පිණිස, පළමු කොට ඔබ වෙත එන්නට සැලසුම් කළෙමි.


මන්ද ඔබ දන්නා පරිදි ඔබ එකිනෙකාට අප සැලකුවේ පියකු තමන්ගේම දරුවනට සලකන අයුරිනි.


කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ;


කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.


මා තෑගි සොයනවා නො වේ. මා බලන්නේ ඔබේ ගිණුමට වඩ වඩා විපාක එක් කිරීමටයි.


එබැවින් මා ප්‍රේම කරන, මා දැඩි සේ ඇලුම් කරන සහෝදරයිනි, ප්‍රේමණීයයනි, මාගේ ප්‍රීතියත්, කිරීටයත් වන ඔබ, ස්වාමින්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.


මකිදෝනිය හරහා යෑමට මා අදහස් කර සිටින නිසා, මකිදෝනිය හරහා ගිය පසු, ඔබ වෙත එන්නෙමි.


යමකුට කුසගිනි නම්, ඔබ එක්රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ. අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.


එහෙත් ස්වාමින්වහන්සේ කැමති වන සේක් නම්, ඉතා ඉක්මනින් මම ඔබ වෙත එන්නෙමි. ඇවිත්, ඒ අහංකාර මිනිසුන්ගේ කතා නො ව, ඔවුන්ගේ බලය සොයා දැන ගන්නෙමි.


ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක්ම අපි විඳ දරා ගන්නෙමු.


එසේ නම් මාගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින්ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි.


මම සියල්ලෙන්ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේම වහලකු බවට පත් වුණෙමි.


මා ඔබ සමඟ සිටියදී මට හිඟකම් ඇති වූ කල, ඔබ කිසිවකුට මා බරක් වූයේ නැත. මන්ද මකිදෝනියෙන් පැමිණි සහෝදරයෝ මගේ අවැසිතා සපිරූහ. මෙසේ මා ඔබට බරක් නො වූවාත් හැර, කිසි ලෙසකින් මා ඔබට බරක් වීමෙන් මතුත් වළකින්නෙමි.


මා ඔබට බරක් නො වූ කාරණයෙන් හැර, අන් කවර සභාවකට වඩා ඔබට සැලකුම් අඩු වී ද? බරක් නො වීමේ වරදට මට කමා වන්න!


මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්