2 ලේකම් 9:1 - Sinhala New Revised Version ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. Sinhala New Revised Version 2018 ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. Sinhala Revised Old Version ෂෙබාහි බිසව සාලමොන්ගේ කීර්තිය අසා ගැටලු ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහත් රාශියකුත් අනර්ඝ ගලුත් පැටෙවු ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය. |
කුෂ්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකා ය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
ජොක්ෂාන්ට දාව ෂෙබා සහ දෙදාන් ඉපදුණෝ ය. දෙදාන්ගේ පුත්‍රයෝ නම් අෂුරිම්, ලෙටුෂිම් සහ ලෙයුම්මි ය.
මන්ද, ඔහු සියලු මිනිසුන්ට ද එස්රාහීය ජාතික ඒතාන්ට ද මාහොල් නමැත්තාගේ පුත්‍රයන් වන හේමන්ට ද කල්කොල්ට ද දර්දාට ද වඩා ප්‍රඥාවන්ත ව සිටියේ ය. ඔහුගේ කීර්තිය අවට සිටි සියලු ජාතීන් අතරේ පතළ වී ගියේ ය.
දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
ප්‍රඥාවත්, දැනගැන්මත් මම නුඹට දෙමි. තවද, නුඹට පළමුවෙන් සිටි කවර රජෙකුට වත් නොතිබුණ, නුඹට පසු ව කවර රජ කෙනෙකුට වත් නොලැබෙන තරම් වස්තුවත්, සම්පතත්, ගෞරවයත් නුඹට දෙන්නෙමි”යි වදාළ සේක.
සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා දුන්නේ ය. ඈට තෝරා දිය නොහැකි කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය.
තවද, ෂෙබාහි රැජින රන් කිලෝග්‍රෑම් හාරදහසක් පමණ ද සුගන්ධ ද්‍රව්‍ය මහා රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍යවලට සමාන ඒවා තවත් නොලැබුණේ ය.
මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි. එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි.
තාර්ෂිෂ්හි සහ ද්වීපවල රජවරු එතුමාට කප්පම් ගෙවන්නෝ ය; ෂෙබා සහ සේබාහි රජවරු පඬුරු පුදන්නෝ ය;
එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!
බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.
ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.
දේව විනිශ්චය දවසේ දී දකුණු දිශාවේ රැජිනිය මේ පරම්පරාවට විරුද්ධ ව නැඟිට එය වරදට පත් කරනු ඇත. මන්ද, එතුමිය සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාවේ සිට පැමිණියා ය. මෙන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි ඇත.”
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
මෙසේ වූයේ: “මම උපමා මඟින් කතා කරමි, ලෝකයේ මුල සිට ම රහස් ව තිබුණු දේ හෙළි කරන්නෙමි”යි දිවැසිවරයන් ලවා පවසන ලද කරුණු ඉටු වන පිණිස ය.
ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ.
දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.
හන්නා උත්තර දෙමින්, “මාගේ ස්වාමීනි, එසේ නොවේ; මුද්‍රික පානය වත් සැර බීමක් වත් මම නොබීවෙමි. මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්මි. සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින් මාගේ දුක් ගැනවිලි උන් වහන්සේ ඉදිරියෙහි වැගිර වූයෙමි.