Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 9:1 - Sinhala Revised Old Version

1 ෂෙබාහි බිසව සාලමොන්ගේ කීර්තිය අසා ගැටලු ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහත් රාශියකුත් අනර්ඝ ගලුත් පැටෙවු ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ෂෙබාහි රැජින සලමොන්ගේ කීර්තිය අසා, ගැටලු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රන් මහා රාශියකුත්, මැණික් ගලුත් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට ආවා ය. ඈ සලමොන් වෙත පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 9:1
23 හුවමාරු යොමු  

දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


දකුණු දික්හි බිසව මේ පරම්පරාවේ මනුෂ්‍යයන් සමඟ විනිශ්චයේදී නැගිට ඔවුන් වරදට පත්කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවල සිට ආවාය. බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.


තවද ඕතොම රන් තලෙන්ත එකසිය විස්සක්ද සුගන්ධ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් සුගන්ධ ද්‍රව්‍ය සමාන ඒවා තවත් නොලැබුණේය.


කූෂ්ගේ පුත්‍රයෝ නම්: සෙබා, හවීලා, සබ්තා, රාමා සහ සබ්තෙකාය. රාමාගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන්ය.


මෙසේ වූයේ– උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.


උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.


පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි.


ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය.


ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.


ඥානවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය; නුවණ ඇත්තා හොඳ ගුරුකම් ලබා ගන්නේය.


මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි.


උපමාවකින් මාගේ කට අරින්නෙමි; අප විසින් ඇසුවාවූ, දැනගත්තාවූ,


ඔව්හු ජීවත්වන්නෝය; ෂෙබායේ රන් උන්වහන්සේට දෙනු ලබන්නේය. මනුෂ්‍යයෝ නොකඩව උන්වහන්සේ උදෙසා යාච්ඤාකරන්නෝය; දවස මුළුල්ලේම උන්වහන්සේට ප්‍රශංසාකරන්නෝය.


තර්ෂිෂ් රටේද ද්වීපවලද රජවරු තෑගි ගෙනෙන්නෝය. ෂෙබායේද සෙබායේද රජවරු පඬුරු පුදන්නෝය.


උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි.


ප්‍රඥාවත් දැනගැන්මත් නුඹට දුනිමි; තවද නුඹට පළමුවෙන් සිටි කොයි යම් රජකෙනෙකුටවත් නොතිබුණාවූ, නුඹට පසුව කොයි රජ කෙනෙකුටවත් නොලැබෙන තරම් වස්තුවත් සම්පතත් ගෞරවයත් නුඹට දෙන්නෙමියි කීසේක.


දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.


මක්නිසාද ඔහු සියලු මනුෂ්‍යයන්ටද එශ්‍රාහිය ඒතාන්ටද මාහොල්ගේ පුත්‍රයන්වූ හේමන්ටද කල්කොල්ටද දර්දාටද වඩා ප්‍රඥාවන්තව සිටියේය. ඔහුගේ කීර්තියද අවට සිටි සියලු ජාතීන් අතරේ පතළවී ගියේය.


හන්නා උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, එසේ නොවේ, මම ශෝක සිතක් ඇති ස්ත්‍රියක්ය. මුද්‍රිකපානයවත් සැර බීමවත් නොබීවෙමි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මාගේ ආත්මය වැගිරෙවුවෙමි.


යොක්ෂාන්ට දාව ෂෙබාද දෙදාන්ද උපන්නෝය. දෙදාන්ගේ පුත්‍රයෝ: අෂූරිවරුත් ලෙතුසිවරුත් ලෙයුම්මිවරුත්ය.


ඕබාල්, අබිමායෙල්, ෂෙබා;


සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට තෝරා කීයේය. ඈට පැහැදිලිකළ නොහැකිවන ලෙස කිසිවක් සාලමොන්ගෙන් සැඟවී නොතිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්