මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, “සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
2 ලේකම් 7:3 - Sinhala New Revised Version සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය. Sinhala New Revised Version 2018 සියලු ඉශ්රායෙල්වරු ගිනි බසිනවාත් සමිඳාණන් වහන්සේගේ තේජාලංකාරය මාලිගාව පිට තිබෙනවාත් දැක, ගල් ඇල්ලූ බිමට තමන්ගේ හිස් නමා නමස්කාර කොට, “උන් වහන්සේ යහපත් ය; උන් වහන්සේගේ කරුණාව සදහට පවත්නේ ය”යි කියමින් සමිඳාණන් වහන්සේට ස්තුති කළෝ ය. Sinhala Revised Old Version සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිනි බසිනවාත් ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහය පිට තිබෙනවාත් දැක, ගල් අතුළ බිමට තමුන්ගේ මුහුණු නමා නමස්කාරකොට: මක්නිසාද උන්වහන්සේ යහපතය; උන්වහන්සේ කරුණාව සදාකල් පවත්නේය කියමින් ස්වාමීන්වහන්සේට ස්තුතිකළෝය. |
මුළු සෙනඟ එය දැක මුණින්තළා වැටී, “සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය; සමිඳාණන් වහන්සේ ම දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
සමිඳුන් හට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ ස්ථිරසාර ප්‍රේමය සදහට ම පවත්නේ ය.
ඔවුන් සමඟ හේමන් ද ජෙදුතුන් ද නම් කියා තෝරාගනු ලැබූ අනික් අය ද, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය” කියමින් උන් වහන්සේට ස්තුති කිරීමට නියම කෙළේ ය.
එවිට දාවිත් මුළු සභාවට කතා කොට, “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කී ය. මුළු සභාව ද තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරමින්, හිස නමා සමිඳාණන් වහන්සේටත්, රජුටත් වැන්දෝ ය.
එවිට ජෙහෝෂාපාට් බිමට නැමුණේ ය. සියලු ජුදාවරු ද ජෙරුසලමේ වැසියෝ ද සමිඳාණන් වහන්සේට නමස්කාර කරමින් උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.
ඔහු සෙනඟ සමඟ සම්මන්ත්‍රණය කොට සමිඳාණන් වහන්සේට ගායනා කරන්නන් පත් කෙළේ ය. ඔව්හු නමස්කාරයට සුදුසු ඇඳුම් ලා ගෙන යුද්ධ සේනාවට පෙරටු ව යමින්, උන් වහන්සේට ප්‍රශංසා කරමින්, “සමිඳාණන් වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි ගැයුවෝ ය.
මුළු සභාව වැඳ වැටී සිටියා ය. ගී ගයන්නෝ ගී ගැයූ හ. හොරණෑකාරයෝ නළා පිම්බෝ ය. දවන යාග පූජාව නිම වන තුරු සියල්ල එසේ පැවතිණි.
හෙසකියා රජ ද අධිපතීහු ද දාවිත්ගේත්, දිවැසිවරයා වන ආසාප්ගේත් වචනවලින් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා ගී කියන්න ලෙවීවරුන්ට අණ කළෝ ය. ඔව්හු ප්‍රීතියෙන් ප්‍රශංසා ගී ගයා හිස නමා වැන්දෝ ය.
එවිට පූජකයන් ශුද්ධස්ථානයේ සිට පිටතට අවුත්, සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නළා පිඹින්නන් හා ගීතිකාකාරයන් සියල්ලන් ම එක ශබ්දයක් ඇසෙන පිණිස එක් කෙනෙකු මෙන් සිට, නළාවලින් ද අත්තල්වලින් ද වෙනත් තූර්ය භාණ්ඩවලින් ද “උන් වහන්සේ යහපත් ය. උන් වහන්සේගේ ස්ථිරසාර ප්‍රේමය සදාකාලයට ම පවත්නේ ය” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත්වූ කල, මාලිගාව එනම්, සමිඳාණන් වහන්සේගේ මාලිගාව වලාපටලයෙන් පිරී ගියේ ය.
ඔව්හු සමිඳාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින්, “උන් වහන්සේ යහපත් ය; මන්ද, ඉශ්රායෙල් කෙරෙහි උන් වහන්සේගේ කරුණාව සදහට ම පවතින්නේ ය”යි කියමින් ගී ගැයූ හ. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ අත්තිවාරම දැමූ නිසා ඔවුන් සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ විට, මුළු සෙනඟ දෙවියන් වහන්සේට මහා ප්‍රශංසා ඝෝෂාවක් නැඟුවෝ ය.
මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.
සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
ප්‍රීති ප්‍රමෝද ශබ්ද ද මනාල මනාලියන්ගේ ප්‍රිය තෙපුල් ද මාගේ දේව මාලිගාවට තුති පඬුරු රැගෙන එන ගායකයින්ගේ ගී හඬ ද ඇසෙන්නේ ය. ඔවුන් මෙසේ ගයනු ඇත; ‘සව් බලැති සමිඳුන්ට තුති පුදන්න; එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ පෙම සදාකාලික ය.’ කලින් තිබූ ලෙස මේ දේශය මම යළිත් සෞභාග්‍යවත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.
ඔව්හු ද මුණින්තළා වැටී, “අහෝ දෙවිඳුනි! සකල සත්ත්වයන්ට ජීවනය දෙන දෙවිඳුනි, එක මිනිසෙකුගේ පාපයට, ඔබ මුළු ජනතාවට ම එරෙහි ව රොස් වන සේක් දැ”යි ඇසූ හ.