ජුදා කඳු රටෙහි නගර ද මූකළන්වල බලකොටු ද මුරකොටු ද ඔහු ගොඩනැඟුවේ ය.
යූදා කඳු රටෙහි නුවරවල්ද මූකළාන්වල බලකොටුද මුරකොටුද ඔහු ගොඩනැගුවේය.
ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.
ජෙහෝෂාපාට් අතිශයින් උතුම් ව ජුදාහි බලකොටු ද ගබඩා-නගර ද ගොඩනැඟුවේ ය.
ඔහු අම්මොන්වරුන්ගේ රජුට විරුද්ධ ව යුද්ධ කොට ඔවුන්ගෙන් ජයගත් පසු, අම්මොන්වරු ඒ අවුරුද්දේ රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියයක් ද තිරිඟු මෙට්රික් ටොන් දහසක් ද යව මෙට්රික් ටොන් දහසක් ද ඔහුට දුන්නෝ ය. දෙ වන, තුන් වන අවුරුදුවල දීත් අම්මොන්වරු එසේ ගෙවූ හ.
දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්,