ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 17:4 - Sinhala New Revised Version

තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තම පියාගේ දෙවියන් වහන්සේට වැඳුම්පිදුම් කරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියා අනුව නොව, උන් වහන්සේගේ ආඥා අනුව හැසුරුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තමාගේ පියාගේ දෙවියන්වහන්සේට සේවයකරමින්, ඉශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාවල ප්‍රකාරයට නොව උන්වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට හැසුරුණේය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 17:4
21 හුවමාරු යොමු  

මෙසේ රජ කල්පනා කොට රන් වස්සන් දෙන්නෙකු සාදා සෙනඟට කතා කොට, “පූජා කිරීම පිණිස ඔබ ජෙරුසලමට මෙතෙක් කල් ගියා ඇති. ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ ගෙනා ඔබේ දෙවිවරු මේ ය”යි ඔවුන්ට කී ය.


මෙසේ කිරීම පාපයක් විය. මන්ද, මිනිස්සු ඒ ඉදිරියෙහි වඳින පිණිස දාන් දක්වා ගියෝ ය.


ඔහු බෙතෙල්හි සෑදූ පූජාසනයට තමා ම නියම කරගත් මාසය වන අට වන මාසේ පසළොස් වන දින ගොස්, ඉශ්රායෙල් ජනයාට මංගල්‍යයක් නියම කොට, සුවඳ දුම් ඔප්පු කරන පිණිස පූජාසනය වෙත ගියේ ය.


සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්,


ජුදාවරුත් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා නොකොට, ඉශ්රායෙල්වරුන් සාදාගත් පණත් ලෙස හැසුරුණෝ ය.


ආහබ්ගේ වංශය කළ පරිදි ඔහු ඉශ්රායෙල් රජුන්ගේ අඩි පාරේ ගමන් කෙළේ ය. මන්ද, ඔහු ආහබ්ගේ දුව සරණ පාවාගෙන සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.


තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.


සමිඳාණන් වහන්සේ ජෙහෝෂාපාට් සමඟ වැඩ සිටි සේක. මන්ද, ඔහු තමාගේ පිය වූ දාවිත්ගේ මුල් කාලයේ ආදර්ශ අනුව හැසිර, බාල් දේවතාවුන්ට වැඳුම්පිදුම් නොකර,


තවද, දිවැසිවර එලියා විසින් ලියන ලද ලියවිල්ලක් ඔහුට ලැබුණේ ය. එහි ලියා තිබුණේ, “ඔබේ පියා වන දාවිත්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ඔබේ පිය වූ ජෙහෝෂාපාට්ගේ අඩි පාරේත්, ජුදාහි රජ වූ ආසාගේ අඩි පාරේත් ඔබ නොගොස්,


ඔහු අහසියා සොයා ගියේ ය. ඔව්හු සමාරියේ සැඟවී සිටි ඔහු අල්ලා ජේහු ළඟට ගෙනවුත් මැරුවෝ ය. තවද, ඔව්හු කතා කොට, “මොහු වනාහි තමාගේ මුළු සිතින් සමිඳාණන් වහන්සේ සොයා ගිය ජෙහෝරාම්ගේ පුත්‍රයා ය”යි ඔහු තැන්පත් කළෝ ය. රාජ්‍යය ගෙන යාමට අහසියාගේ වංශයේ කිසිවෙක් සිටියේ නැත.


මෙසේ ජෝතාම් දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යහ මඟ ගිය බැවින් බලවත් විය.


ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කරමින් තමාගේ පිය වූ දාවිත්ගේ ආදර්ශය අකුරට ම පිළිපැද්දේ ය.


“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.


මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.


දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.


සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු.