ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.
1 සාමුවෙ 9:9 - Sinhala New Revised Version පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. Sinhala New Revised Version 2018 පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී දිවැස් ඇත්තා යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. Sinhala Revised Old Version (පෙර කාලයේදී ඉශ්‍රායෙල්හි මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් විචාරන්ට යන විට: දිවස් ඇත්තා ළඟට යමුයයි කියන්නේය. මක්නිසාද දැන් අනාගතවක්තෘය කියන තැනැත්තාට පෙර කාලයේදී දිවස් ඇත්තායයි කීවෝය.) |
ඇගේ කුසෙහි හුන් දරුවන් දඟලන්න ගත් විට, “තත්ත්වය මෙහෙම නම් මා ඉඳලා කුමකට දැ”යි කියමින්, ඕ සමිඳාණන් වහන්සේගෙන් විමසීමට ගියා ය.
දාවිත් පසු දින උදේ අවදි වූ විට දාවිත්ගේ දිවැසිවරයා වන ගාද් වෙත සමිඳාණන් වහන්සේගෙන් මේ පණිවුඩය පැමිණියේ ය: “නුඹ ගොස් දාවිත්ට මෙසේ කියන්න:
එහෙත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ සියලු දිවැසිවරුන් ද දර්ශකයන් ද ලවා ඉශ්රායෙල්වරුන්ටත්, ජුදාවරුන්ටත් අවවාද කරමින්, “නුඹලාගේ නපුරු මාර්ගවලින් ඉවත් වී, නුඹලාගේ පියවරුන්ට මා අණ කළ, මාගේ සේවකයන් වන දිවැසිවරුන් අත නුඹලාට එවූ මාගේ මුළු ව්‍යවස්ථාව අනුව මාගේ ආඥා පවත්වන්නැ”යි වදාළ සේක.
දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය.
මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,
දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය.
එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.
එවිට දිවැසිවර හනානි ජුදාහි රජ වූ ආසා ළඟට අවුත් කතා කොට, “ ‘ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔබ විශ්වාසය නොතබා, සිරියාවේ රජු කෙරෙහි විශ්වාසය තැබූ බැවින් සිරියාවේ රජුගේ සේනාව ඔබේ අතින් ගැළවී යන්නේ ය.
සමිඳුන් ඔබ තද නින්දට වැටෙන ලෙස ඔබ කෙරෙහි නිදිබර ගතිය ඇතිකර තිබේ. දිවැසිවරුන් සෙනඟගේ දෙනෙත් මෙන්, විය යුතු නමුත්, දෙවිඳුන් ඔවුන්ගේ ඇස් බැඳ ඇත. බොරු දිවැසිවරුන්ගේ මොළය අවුල්කර ඇත.
ඔව්හු දිවැසිවරුන්ට නිහඬ වන්න කියමින් මෙසේ කියති: “හරි දේ ගැන අපට කතා නොකරන්න; අපට අසන්න ආසා දේ ගැන පමණක් කතා කරන්න; අපේ සිහින සිතුම්පැතුම් තබාගන්න අපට ඉඩ දෙන්න.
අමසියා ආමොස් අමතා, “දිවැස් කියන්නා මෙතැනින් යන්න, ජුදා රටට ගොස් එහි ඔබේ ජීවිකාව කරගන්න, එහි ඔබේ දිවැස් දෙසුම් කරන්න.
ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.
ඔව්හු ඔහුට කතා කොට, “අප යන මේ ගමන සඵල වේ ද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නැ”යි කී හ.