Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 9:22 - Sinhala New Revised Version

22 දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 දොරකඩවල දොරටුපාලයන් කොට තෝරාගන්නාලද ඒ සියල්ලෝ දෙසිය දොළොස් දෙනෙක්ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියවුණෝය, දාවිත් සහ දර්ශනකාරයාවූ සාමුවෙල්ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 9:22
18 හුවමාරු යොමු  

පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය.


පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්තවලත්, උන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු බඩුවලත් සැලැස්ම ද තමාගේ පුත් සලමොන්ට දුන්නේ ය.


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


ජුදාහි විසූ ලෙවීවරුන්ගෙන් ද සමහර පන්ති බෙන්ජමින්වරුන් සමඟ සිටියෝ ය.


ලියාපදිංචි වූ ඔවුන්ගේ සියලු බාලයන් ද ඔවුන්ගේ භාර්යාවන් ද පුත්‍රයන් ද දූවරුන් ද යන මුළු සභාවට ඔව්හු ඒවා දුන්නෝ ය. තවද, තමන්ගේ නියම සේවය සඳහා ඔව්හු විශුද්ධ ව සිටියෝ ය.


ඔහු යටතේ වාර පිළිවෙළින් තමන්ගේ සහෝදරයන්ගෙන් ලොකු අයටත් කුඩා අයටත් බෙදා දෙන පිණිස, විශ්වාසවන්ත ව සහාය වීමට ඒදෙන් ද මිනියාමින් ද ජේෂුවා ද ෂෙමායා ද අමරියා ද ෂෙකනියා ද පූජකයන්ගේ නගරවල පත් ව සිටියෝ ය.


ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද පංතිවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.


ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය.


ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය.


ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ.


යම් හෙයකින් අපවිත්‍ර කිසිවෙකු ඇතුළු නොවන පිණිස ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරකඩවල දොරටු පාලකයන් සිටෙවුවේ ය.


මුල පටන් අන්තිම දක්වා දාවිත් රජුගේ පුවත් එනම්, ඔහුගේ රාජ්‍ය පාලනය ද බලවන්තකම් ද ඔහුටත්, ඉශ්රායෙල්වරුන්ටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්