රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත.
1 සාමුවෙ 4:3 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, “අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, “අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ. Sinhala Revised Old Version සෙනඟ කඳවුරට ආ කල ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ කථාකොට: ස්වාමීන්වහන්සේ අද පිලිස්තිවරුන් ඉදිරියෙහි අප විසුරුවාදැමුවේ මක්නිසාද? ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස අපි ඒක ෂීලෝවෙන් ගෙන්වාගනිමුයයි කීවෝය. |
රජ ශාදොක්ට කතා කොට, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව යළිත් නගරයට ගෙන යන්න. සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි මට කරුණාව ලැබුණොත්, උන් වහන්සේ යළිත් මා ගෙනවුත් ගිවිසුම් කරඬුවත්, එය තබා තිබෙන ස්ථානයත් මට පෙන්වනු ඇත.
තවද, දාවිත් තමාගේ ගෙදර වසන කල්හි දිවැසිවරයා වන නාතාන්ට කතා කොට, “මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසය කරමි. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කූඩාරමක වියනක් යට තිබේ ය”යි කීවේ ය.
අහෝ දෙවිඳුනි! ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද? ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම නුඹලාගේ මව අත්හැරියෙම් නම්, ඒ දික්කසාදයේ සහතිකය කොහේ ද? එසේ නැත්නම්, ණය හිමියෙකුට ණය ගෙවීමක් වශයෙන් මම නුඹලා පාවා දිනිම් ද? නැත. නුඹලා පාවා දෙනු ලැබුවේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අත්හරිනු ලැබුවේ නුඹලාගේ ම වරද නිසා ය.
“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
මෙසේ නුඹලා දේශයේ වැඩි වී බහුල වූ විට, ගිවිසුම් කරඬුව ගැන සෙනඟ තවත් කතා කරන්නේ වත්, ඒ ගැන සිහි කරන්නේ වත් නැත; තවත් ගිවිසුම් කරඬුවක් ඔවුන් සාදාගන්නේ වත් නැත.
‘මෙය සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය, සමිඳාණන් වහන්සේගේ මාලිගාව ය’යි කියන රැවටිලි වචන විශ්වාස නොකරන්න.
මෙසේ ඔව්හු සමිඳාණන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් තුනක් ගමන් කළහ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයනු පිණිස ඔවුන්ට පෙරටුව, තුන් දිනක් ගමනෙහි යෙදිණි.
ගිවිසුම් කරඬුව පිටත් ව යන සෑම විට ම, මෝසෙස් මෙසේ යැදී ය: “සමිඳුනි, නැඟිටිනු මැනවි, ඔබ සතුරෝ විසිර යෙත් වා! ඔබට වෛර කරන්නෝ ඔබෙන් පලා යෙත් වා!”
මෝසෙස් මේ සෙනඟ ද පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද ශුද්ධ භාජන සහ පිඹීමට හොරණෑ ද අතේ ඇති ව ඔවුන් යුද්ධයට යැවූ හ.
සියලු ජාතීහු මේවා දැක, ‘සමිඳාණන් වහන්සේ මේ රටට මෙසේ කෙළේ මන් ද? මෙතරම් දරුණු උදහසකට හේතුව කුමක් දැ’යි අසන්නෝ ය.
“මේ නීති සංග්‍රහය රැගෙන, ඔබට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, එය දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ තබන්න.
දේව භක්තික පෙනුම ඔවුන්ට තිබුණත්, එහි බලය ප්‍රතික්ෂේප කරති. එබඳු අයගෙන් අහක් වී සිටින්න.
එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.
ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.
එවිට නූන්ගේ පුත් ජෝෂුවා පූජකයන් කැඳවා ඔවුන් අමතා, “ගිවිසුම් කරඬුව ඔසවාගන්න, පූජකවරුන් සත්දෙනෙක් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරිපිට බැටළු අං හොරණෑ සතක් ගෙන යත් වා!”යි කීවේ ය.
ජෝෂුවා කතා කොට, “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, අප විනාශ කරන පිණිස අමෝරිවරුන් අතට අප පාවා දීමට ඔබ මේ සෙනඟ ජොර්දානෙන් මෙගොඩට පැමිණෙව්වේ කුමක් නිසා ද? අනේ! අපි ජොර්දාන් ගඟින් එගොඩ වාසය කරන්නට සතුටු වුණෙමු නම් කොපමණ හොඳ ද?
මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැළවීම ලබා දෙන බව්තීස්ම-ස්නාපනය යි. එය වනාහි ශරීරයේ කිළුටු සේදීමක් නොව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය කරණකොටගෙන නිදොස් හෘදය සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් ය.
සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.
දරුවා කිරි වැරූ පසු, හන්නා තුන් අවුරුදු වස්සෙකු ද පිටි කිලෝග්‍රෑම් දහයක් ද මිදියුස බඳුනක් ද අරගෙන දරුවා ගෙන ගොස් ෂිලෝහි තිබුණු සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමුණුණා ය. එකල ඔහු කුඩා දරුවෙකු ව සිටියේ ය.
එවිට සාවුල් අහියා නම් පූජකයාට කතා කොට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. ඒ අවස්ථාවේ දී ඒපොද් සැට්ටය ඉශ්රායෙල් ජනයාට ඉදිරියෙන් උසුලාගෙන ගියේ ඔහු ය.
පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්හ. පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට සැරසී, දරුණු ලෙස සටන් කළ පසු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට පරාජය වූ හ. ඔව්හු යුද්ධ භූමියේ සේනාවෙන් මිනිසුන් හාරදාහක් පමණ මැරූහ.