ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 27:6 - Sinhala New Revised Version

ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආකීෂ් රජු ද ඒ දවසේ දී ශික්ලග් නුවර දාවිත්ට දුන්නේ ය. ඒ නිසා ශික්ලග් නුවර අද දක්වා ජුදාහි රජවරුන්ට අයිති ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ආකීෂ්ද ඒ දවසේදී ශික්ලග් නුවර ඔහුට දුන්නේය. ඒ නිසා ශික්ලග් අද දක්වා යූදාහි රජවරුන්ට අයිතිය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 27:6
12 හුවමාරු යොමු  

සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය.


කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.


එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ.


බෙතුයෙල්හි ද හොර්මාහි ද ශික්ලග්හි ද;


ශික්ලග්හි ද මෙකොනාහි සහ ඒවායේ ගම්වල ද


ශික්ලග් ද මද්මන්නා ද සන්සන්නා ද


ශික්ලග් ද බෙත්-මර්කාබොත් ද හශර්-සුසා ද


ඔහු සිය දිවිත් නොතකා ගොස් අර පිලිස්තියයා මැරුවේ ය. එයින් සමිඳාණන් වහන්සේ සියලු ඉශ්රායෙල්වරුන්ට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන් සේක. ඔබ එය දැක ප්‍රීති වූයෙහි ය. එබැවින් නිකරුණේ දාවිත් මරා නිදොස් ලේ වැගිරීමෙන් ඔබ පව් කරන්නට හදන්නේ මන් ද?”


දාවිත් ආකීෂ් රජුට කතා කොට, “ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේ නම්, මට වාසය කිරීමට පිටිසර නුවරක යම් ස්ථානයක් ලැබේවා. ඔබේ මෙහෙකරුවා ඔබ සමඟ රජ නුවර වාසය කරන්නේ කුමට දැ”යි කීවේ ය.


එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?


දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,


අපි කෙරෙතිවරුන්ගේ දකුණු දිශාවටත්, ජුදාට අයිති දකුණු පළාතටත්, කාලෙබ්ගේ දකුණු දිශාවටත් විරුද්ධ ව යුද්ධ කෙළෙමු; ශික්ලග් නුවර ගිනිබත් කෙළෙමු”යි කී ය.