1 ලේකම් 12:20 - Sinhala New Revised Version20 එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 එසේ ඔහු ශික්ලග් නම් ස්ථානයට යද්දී මනස්සේවරුන්ගෙන් සහශ්‍රාධිපතියන් වූ අද්නා ද ජොශාබාද් ද ජෙදීයයෙල් ද මිකායෙල් ද ජෝශාබාද් ද එලීහු ද ශිල්ලෙතයි ද ඔහුට එකතු වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 එසේ ඔහු ශික්ලග්ට යද්දී මනස්සේවරුන්ගෙන් සහස්‍රාධිපතියෝවූ අද්නාද යෝසාබාද්ද යෙදීයයෙල්ද මීකායෙල්ද යෝසාබාද්ද එලීහුද ශිල්ලෙතයිද ඔහුට එකතුවුණෝය. පරිච්ඡේදය බලන්න |
එවිට පිලිස්තිවරුන්ගේ අධිපතීහු, “මේ හෙබ්‍රෙව්වරුන් මෙහි කුමක් කරත් දැ”යි ඇසූ හ. එවිට ආකීෂ් පිලිස්තිවරුන්ගේ අධිපතීන්ට කතා කොට, “මේ තැනැත්තා ඉශ්රායෙල්වරුන්ගේ රජ වන සාවුල්ගේ සේවකයෙකු ව සිටි දාවිත් ය. මොහු දැන් කලක සිට, අවුරුදු ගණනක සිට මා සමඟ සිටියි; ඔහු මට එකතු වූ දා පටන් අද දක්වා ඔහු අතේ කිසි වරදක් මට දකින්නට ලැබුණේ නැතැ”යි කී ය.
එහෙත්, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඔහු කෙරෙහි කෝප වී ඔහුට කතා කොට, “ඒ මිනිසා ඔබ නියම කළ ස්ථානයට ආපසු යන පිණිස ඔහු පිටත් කර හරින්න; ඔහු අප සමඟ යුද්ධයට යෑම සුදුසු නැත. සමහර විට සටන් බිමේ දී ඔහු අපට විරුද්ධ ව හැරෙන්නට බැරි කමක් නැත. මේ සෙනඟගේ හිස ගසා දැමීමෙන් මිස අන් කවර මඟකින් ඔහුට සිය ස්වාමියාගේ සිත දිනාගත හැකි ද?