සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.
දාවිත්ද තමා මරන්ට සාවුල් පිටත්ව ආ බව දුටුවේය. එකල දාවිත් ශීප් කාන්තාරයේ තිබුණ කැලෑවක සිටියේය.
ඔව්හු හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත ඊෂ්-බොෂෙත්ගේ හිස ගෙනවුත්, රජුට කතා කොට, “ඔබ මරන්නට සෙවූ, ඔබට සතුරු වූ, සාවුල්ගේ පුත්‍රයා වන ඊෂ්-බොෂෙත්ගේ හිස මෙන්න; මෙසේ සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් උදෙසා අද සාවුල්ගෙන් ද ඔහුගේ වංශයෙන් ද පළිගත් සේකැ”යි කී හ.
එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මා ස්පර්ශ කර මා ශක්තිමත් කෙළේ ය.
එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.
ශිප් පාළුකරය අසබඩ තිබූ කඳුකරයෙහි දාවිත් සැඟවී සිටියේ ය. සාවුල් හැමදා ම ඔහු සෙවුවේ ය. එහෙත්, දෙවියන් වහන්සේ සාවුල් අතට ඔහු පාවා නුදුන් සේක.
එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.
එහෙත්, දාවිත්ගේ සෙනඟ ඔහුට කතා කොට, “අපි මෙහි ජුදාහි වුව ද බියෙන් සිටිමු; පිලිස්තිවරුන්ගේ හමුදාවට විරුද්ධ ව අපි කෙයිලා නගරයට ගියොත් ඊට වඩා කොපමණ වැඩියෙන් බිය නොවන්නෙමු දැ”යි කී හ.
සාවුල් පාළුකරය ඉදිරිපිට මාර්ගය ළඟ තිබෙන හකීලා හෙලේ කූඩාරම් ගසාගත්තේ ය. දාවිත් පාළුකරයේ සිටියේ ය. සාවුල් තමා සොයමින් පාළුකරයට ඇවිත් සිටින බව දාවිත්ට දැනගන්නට ලැබිණි,