Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 11:38 - Sinhala New Revised Version

38 එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

38 ඔවුන් දරන්නට තරම් ලෝකය වටින්නේ නැත. ඔවුහු මරු කතරේ ද කඳු අතරේ ද ගුහා තුළ හා පොළෝ කුහර තුළ ද ඉබාගාතේ ඇවිද්දහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔව්හු මරුකතරෙහි හා කඳුකරවල ද ගුහාවල ද බිම්ගෙවල ද ගැවසුණ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

38 ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 11:38
16 හුවමාරු යොමු  

මන්ද, ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදැමූ කල්හි, ඔබදියා දිවැසිවරුන් සියදෙනෙකු රැගෙන ගොස්, පණස පණස බැගින් ඔවුන් ගුහාවල සඟවා ආහාර සහ වතුර දී, ඔවුන් පෝෂ්‍ය කෙළේ ය.


පසු ව ඔහු එහි ගුහාවකට ඇතුළු වී නවාතැන් ගත්තේ ය. සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ද ඔහු වෙත පැමිණියේ ය. උන් වහන්සේ ඔහුට කතා කොට, “එලියා, නුඹ මෙහි කුමක් කරන්නෙහි දැ”යි ඔහුගෙන් ඇසූ සේක.


දාවිත් ගාත් රටින් ගැළවී ගොස්, අදුල්ලාම්හි ගුහාවට පැමිණියේ ය. ඔහුගේ සහෝදරයෝ ද ඔහුගේ පියාගේ පවුලේ සියල්ලෝ ද ඒ අසා එහි ඔහු වෙත ගියෝ ය.


ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.


ජෙශෙබෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරුන් මරාදමන කල, මා කළ දේ එනම්, උන් වහන්සේගේ දිවැසිවරුන්ගෙන් සියදෙනෙකු පණස පණස බැගින් ගුහාවල සඟවා ආහාර පාන දී ඔවුන් පෝෂ්‍ය කළ හැටි මාගේ ස්වාමියාට නොකියන ලද්දේ ද?


“මෙතැනින් පිටත් ව, පෙරදිගට ගොස් ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටින්න.


ශිප්වරු ගිබියාවේ සිටි සාවුල් වෙත පැමිණ, “දාවිත් මරුකතර ඉදිරියේ හකීලා හෙලේ සැඟවී සිටින්නේ ය”යි දැන්නූ හ.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”


එවිට ශිප් වැසියෝ ගිබියාවෙහි සිටි සාවුල් ළඟට අවුත්, “දාවිත් අපේ ප්‍රදේශයේ පාළුකරයට දකුණෙන් තිබෙන හකීලා නම් කැළෑවේ සැඟවී සිටී;


සාවුල් තමා මරන්නට පිටත් ව ආ නිසා දාවිත් බිය පත් ව සිටියේ ය. එකල දාවිත් ශිප් කඳු රටේ තිබුණ හොරෙෂ්හි සිටියේ ය.


මිදියන්වරු ඉශ්රායෙල්වරුන්ට වඩා බලසම්පන්න වූ හ. මිදියන්වරුන්ගෙන් බේරෙන පිණිස ඉශ්රායෙල් සෙනඟ කඳුවිවරවල ගුහා ද කොටු ද පාවිච්චි කළහ.


ඉෂ්මායෙල් තමා විසින් මරන ලද මිනිසුන් හෙළාදැමූ වළ විශාල එකකි. එය ආසා රජු විසින් ඉශ්රායෙල්වරුන්ගේ රජු වූ බයෙෂාගෙන් ආරක්ෂා වන පිණිස සාදන ලද වළ ය. නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් තමා මැරූ අයගේ මළකඳන්වලින් ඒ වළ පිරෙව්වේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්