එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ මන්ත්‍රණ සභාවට ඇතුළත් වන රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?
එවිට අහිමෙලෙක් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ බෑණා වන ඔබේ ආරක්ෂක පිරිසේ ප්‍රධානියා වන ඔබේ රජ වාසල රාජ සභාවේ සියල්ලන් විසින් ගරු කොට සලකනු ලබන දාවිත් මෙන් ඔබේ මෙහෙකරුවන් අතරෙන් විශ්වාස ව සිටින්නේ කවරෙක් ද?
එවිට අහිමෙලෙක් රජුට උත්තරදෙමින්: රජ්ජුරුවන්ගේ බෑනාවූ, ඔබගේ මන්ත්‍රණ සභාවට ඇතුළත්වූ, ඔබගේ ගෘහයේ ගරුතරව සිටින්නාවූ දාවිත් මෙන් ඔබගේ සියලු මෙහෙකරුවන් අතරෙන් විශ්වාසව සිටින්නේ කවුද?
ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.
ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.
ජොනතන් තම පිය සාවුල්ට උත්තර දෙමින්, “ඔහු මැරිය යුත්තේ මන් ද? ඔහු කළ වරද කුමක් දැ”යි ඇසී ය.
දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි.
සාවුල් ඔහු අමතා, “ඔබ ද ජෙස්සේගේ පුත්‍රයා වන දාවිත් ද මට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ මක්නිසා ද? ඔබ ඔහුට ආහාර ද කඩුවක් ද දුන්නෙහි ය. ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසුවේ මන් ද? දැන් ඔහු මට විරුද්ධ ව හැරී අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ ය”යි කීවේ ය.
තවද, මාගේ පියාණෙනි, මේ බලන්න, ඔබේ සළුවේ කොන මාගේ අතේ තිබෙන බව බැලුව මැනව. මා ඔබ නොමරා, ඔබේ සළුවේ කොන කපාගත් බව බලා, මා අත නපුරක් වත්, අපරාධයක් වත් නැති බව ද, මා ඔබට විරුද්ධ ව පව් නොකළ බව ද දැනගත මැනව. එසේ වුව ද මාගේ ප්‍රාණය නසන්නට ඔබ මා ලුහුබැඳ එන්නෙහි ය.
ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.
සමිඳාණන් වහන්සේ එක එක තැනැත්තාට තම තමාගේ දැහැමිකම හා විශ්වාසවන්තකම ලෙස විපාක දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ අද ඔබ මා අතට පාවා දුන් නමුත්, මම සමිඳාණන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධ ව අත ඔසවන්නට කැමැති නොවීමි.