Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 17:25 - Sinhala New Revised Version

25 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ කථාකොට: ඉස්සරහට එන්නාවූ අර මනුෂ්‍යයා නුඹලා දැක්කහුද? ඉශ්‍රායෙල්වරුන්ට මිගකියන්ටම ඔහු ඇවිත් සිටියි. රජ්ජුරුවෝ ඔහු මරන මනුෂ්‍යයා බොහෝ වස්තුවෙන් පොහොසත්කොට, තමාගේ දුව ඔහුට සරණ පාවාදී, ඉශ්‍රායෙල්හි ඔහුගේ පියාගේ පවුලට නිදහසද දෙන්නාහයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 17:25
11 හුවමාරු යොමු  

කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා භාර්යාව වශයෙන් පාවා දෙන්නෙමි”යි කීවේ ය.


ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.


‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! ජයග්‍රාහකයාට දෙවියන් වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් අනුභව කරන්නට දෙන්නෙමි.’


මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.


ජයග්‍රාහකයා මෙලෙස ධවල වස්ත්‍රයෙන් සරසනු ලබන්නේ ය. මම ඔහුගේ නාමය ජීවන පොතෙන් මකා නොහරින්නෙමි. මාගේ පියාණන් වහන්සේ ද, උන් වහන්සේගේ දූතයන් ද ඉදිරියෙහි මම ඔහුගේ නාමය පිළිගන්නෙමි.


‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’


“විදේශීන්ගෙන් ය”යි ඔහු කී කල, ජේසුස් වහන්සේ කතා කොට, “එසේ නම් ස්වදේශීය සෙනඟ නිදහස් ය.


තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.


ඉශ්රායෙල් සෙනඟ සියලු දෙනා ඒ මිනිසා දුටු විට බොහෝ සෙයින් බිය වී ඔහු ඉදිරියෙන් පලා ගියහ.


සෙනඟ ද පෙර සේ පිළිතුරු දෙමින් ඒ මිනිසා මරන තැනැත්තාට දෙන දේ ද කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්