එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක; විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
1 සාමුවෙ 12:8 - Sinhala New Revised Version ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක. Sinhala New Revised Version 2018 ජාකොබ් මිසරයට පැමිණි පසු ඔබේ පියවරුන් සමිඳාණන් වහන්සේට මොරගැසූ විට, සමිඳාණන් වහන්සේ මෝසෙස් ද ආරොන් ද යවා ඔබේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ දේශයෙහි වාසය කෙරෙව් සේක. Sinhala Revised Old Version යාකොබ් මිසරයට පැමිණියාට පසු නුඹලාගේ පියවරුන් ස්වාමීන්වහන්සේට මොරගැසූ විට ස්වාමීන්වහන්සේ මෝසෙස්ද ආරොන්ද යවා නුඹලාගේ පියවරුන් මිසරයෙන් ගෙන්වා මේ ස්ථානයෙහි වාසයකෙරෙවුසේක. |
එතුමාණෝ විජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන් සේක; විජාතීන්ගේ කෙත් වතුවල අස්වැන්න ගන්නට ඔවුන්ට ඉඩ දුන් සේක.
තවද, ඒ දවසේ දී ම සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව ඔවුන්ගේ සේනා අනුව මිසර දේශයෙන් පිටතට ගෙන ආ සේක.
“ඉශ්රායෙල් ජනතාව කණ්ඩායම් වශයෙන් මිසර දේශයෙන් පිටතට ගෙනෙන්න” කියා සමිඳාණන් වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ට ය.
අපේ මුතුන්මිත්තන් මිසරයට ගිය සැටිත්, දීර්ඝ කාලයක් අප එහි වාසය කළ සැටිත්, මිසර වැසියන් අපට හා මුතුන්මිත්තන්ට පීඩා කළ සැටිත් ඔබ දන්නෙහි ය.
ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
මෙසේ ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට දෙන ලෙස සමිඳාණන් වහන්සේ දිවුළ මුළු දේශය උන් වහන්සේ ඔවුන්ට දුන් සේක. ඔව්හු එය හිමි කරගෙන එහි විසුවෝ ය.
ඔහු ඉශ්රායෙල් සෙනඟ අමතා මෙසේ කීවේ ය: “ඉශ්රයෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම ඉශ්රායෙල් සෙනඟ වන නුඹලා මිසරයෙන් ගෙනවුත් මිසරවරුන්ගේ අතින් ද නුඹලාට පීඩා කළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන් ද නුඹලා ගළවාගතිමි.
සාමුවෙල් තවදුරටත් සෙනඟට කතා කරමින් මෙසේ කීවේ ය: “මෝසෙස් සහ ආරොන් තෝරාගත්තේත්, මිසරයෙන් ඔබේ පියවරුන් ගෙනාවේත් සමිඳාණන් වහන්සේ ය.