1 ලේකම් 9:6 - Sinhala New Revised Version ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය. Sinhala New Revised Version 2018 ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය. Sinhala Revised Old Version සෙරාගේ පුත්‍රයන්ගෙන් යෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හසිය අනූදෙනෙක්ය. |
ජුදාගේ පුත්‍රයන් වන ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙශ් සහ ශෙරා ය. එහෙත්, ඒර් සහ ඕනාන් කානාන් දේශයේ දී මළහ. පෙරෙශ්ගේ පුත්‍රයන් වන හෙශ්රොන් සහ හාමුල්;
ඔහුගේ ලේලිය වූ තාමාර් ඔහුට දාව පෙරෙශ් ද ශෙරා ද ලැබුවා ය. ජුදාට පුත්‍රයෝ පස්දෙනෙක් සිටියෝ ය.
ශෙරාගේ පුත්‍රයෝ නම්: සිම්රී, ඒතාන්, හේමන්, කල්කොල් සහ දාරා ය. ඒ සියල්ලෝ පස්දෙනෙක් ය.
බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද
පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;