දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.
1 ලේකම් 27:2 - Sinhala New Revised Version පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. Sinhala New Revised Version 2018 පළමු වැනි මාසයට කාණ්ඩය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය. Sinhala Revised Old Version පළමුවෙනි මාසයට පංක්තිය කෙරෙහි සබ්දියෙල්ගේ පුත්‍රවූ යාෂොබෙයාම් පත්ව සිටියේය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය. |
දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.
දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.
අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය.
ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.