Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 27:1 - Sinhala New Revised Version

1 අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද කාණ්ඩවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක කාණ්ඩයට විසිහතරදහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට ඇතුළට ආවාවූද, පිටතට ගියාවූද, පංක්තිවල සියලු කාරණා ගැන රජුට සේවයකළාවූද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල ප්‍රධානීන්ගෙත් සහස්‍රාධිපතීන්ගෙත් ශතාධිපතීන්ගෙත් ඔවුන්ගේ මුලාදෑනීන්ගෙත් ගණන නම් එක එක පංක්තියට විසිහතර දහසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 27:1
18 හුවමාරු යොමු  

“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”


දාවිත් ඉශ්රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන් ද රජුට සේවය කළ පංතිවල අධිපතීන් ද සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තු සම්පත්වල අධිපතීන් ද ඇමතියන් සහ බලවන්තයනුත්, සියලු බලවන්ත යුද්ධ භටයිනුත් සමඟ ජෙරුසලමට කැඳවාගත්තේ ය.


දාවිත් සහශ්‍රාධිපතින් ද ශතාධිපතින් ද සියලු නායකයන් ද සමඟ මන්ත්‍රණය කරමින්,


ඔහු මාසයකට දසදහසක් බැගින් මාරුවෙන් මාරුවට ඔවුන් ලෙබනොන් දේශයට යැවී ය. ඔව්හු එක මාසයක් ලෙබනොන්හි ද දෙමාසයක් ගෙදර ද සිටියෝ ය. අදොනිරාම් වනාහි රාජකාරියේ නිලධාරියා විය.


ඒ නිලධාරීහු එකිනෙකා තම තමාට නියම මාසයේ දී සලමොන් රජුට ද ඔහුගේ කෑම මේසයට පැමිණි සියල්ලන්ට ද කිසිවක් අඩු වන්න ඉඩ නෑර ආහාර සපයා දුන්නෝ ය.


රජුටත්, ඔහුගේ ගෘහවාසීන්ටත් ආහාර සපයන පිණිස සලමොන් රජ නිලධාරීන් දොළොස්දෙනෙකු සියලු ඉශ්රායෙල්වරුන් කෙරෙහි පත් කෙළේ ය. එකිනෙකා අවුරුද්දකට මාසයක් බැගින් එසේ ආහාර සපයා දුන්නෝ ය.


ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය.


එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.


ඔහු ඉශ්රායෙල්වරුන් සියලු දෙනා අතුරින් දක්ෂ මිනිසුන් තෝරා සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් සෙනඟගේ නායකයන් ලෙස පත් කෙළේ ය.


බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.


පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.


එවිට පිය වංශවල අධිපතීහු ද ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතීහු ද සහශ්‍රාධිපතීහු ද ශතාධිපතීහු ද රාජකාරියේ අධිපතීහු ද කැමැත්තෙන් ම පඬුරු ඔප්පු කරමින්


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් වට කර සිටි ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව දී බොහෝ කලක් ගත වූ පසු, ජෝෂුවා මහලු ව, වයෝවෘද්ධ ව සිටියේ ය.


දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.


ඉශ්රායෙල් වංශය ගැන සමිඳාණන් වහන්සේ වදාළ වචනය ප්‍රකාරයට, දාවිත් රජකමට පත් කරන පිණිස, සියලු ඉශ්රායෙල්වරුන් සමඟ ඔහු රජකමට පත් කිරීම ගැන ඔහුට උපකාර කළ ප්‍රධාන බලවන්තයෝ මොවුහු ය.


සලමොන් සියලු ඉශ්රායෙල්වරුන්ට එනම්, සහශ්‍රාධිපතීන්ට හා ශතාධිපතීන්ට ද විනිශ්චයකාරයන්ට ද පිය වංශවල ප්‍රධානීන් වන මුළු ඉශ්රායෙල්හි අධිපතීන් සියල්ලන්ට ද කතා කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්