Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 11:11 - Sinhala New Revised Version

11 දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 දාවිත්ට සිටි බලවන්තයන්ගේ නාමාවලිය මේ ය: හක්මෝනි ජාතිකයෙකුගේ පුත්‍රයා වන තිස්දෙනාගෙන් ප්‍රධානියා වූ ජාෂොබෙයාම් ය. ඔහු එක් වතාවක දී තුන්සියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දාවිත්ට සිටි බලවන්තයන්ගේ ගණන මේය: හක්මොනියෙකුගේ පුත්‍රවූ, තිස්දෙනාගෙන් ප්‍රධානියාවූ යාෂොබෙයාම්ය; ඔහු එක් වතාවකදී තුන්සිය දෙනෙකුට විරුද්ධව තමාගේ හෙල්ලය ඔසවා ඔවුන් මැරීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 11:11
3 හුවමාරු යොමු  

දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.


එවිට තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසයි පිට ආත්මයක් ආවේශ වී ඔහු කතා කරමින්, “දාවිත් රජතුමෙනි, අපි ඔබේ පක්ෂයට ද ජෙස්සේගේ පුත්‍රය, අපි ඔබ සමඟ ද සිටින්නෙමු. සාමදානය, සාමදානය ම ඔබට වේ වා! ඔබට උපකාර කරන්නන්ටත් සාමදානය වේ වා! මන්ද, ඔබේ දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන සේකැ”යි කීවේ ය. එවිට දාවිත් ඔවුන් පිළිගෙන ඔවුන් හමුදාවේ ප්‍රධානීන් කෙළේ ය.


පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්