තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
1 ලේකම් 22:2 - Sinhala New Revised Version තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය. Sinhala New Revised Version 2018 තවද, දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස් කරන්න අණ කොට, දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස හතරැස් හැඩේට ගල් කපන්න ගල් වඩුවන් පත් කෙළේ ය. Sinhala Revised Old Version තවද දාවිත් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය. |
තවද, තීර්හි රජ වූ හීරාම් තෙමේ පණිවුඩකාරයන් ද කිහිරි ලී ද වඩුවන් ද ගල් වඩුවන් ද දාවිත් වෙත එව්වේ ය. ඔව්හු දාවිත්ට මාලිගාවක් ගොඩනැඟුවෝ ය.
නියම කළ ප්‍රමාණයට ගල්වළෙහි දී කැපූ ගල්වලින් මාලිගාව ගොඩනැඟුව බැවින් මාලිගාව ගොඩනැඟීමේ දී මිටියක වත්, පොරවක වත්, වෙන කිසි යකඩ ආයුධයක වත් ශබ්දයක් නොඇසිණි.
පෙදරේරුවන්ටත්, ගල් කපන්නන්ටත් ඒ මාලිගාවේ කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමට ලී සහ කැපූ ගල් මිලයට ගන්න පිණිසත්, මාලිගාව අලුත්වැඩියා කිරීමට ඕනෑ කළ සියල්ල පිණිසත් ඒ මුදල් දුන්නෝ ය.
වඩුවන්ටත්, ගොඩනඟන්නන්ටත්, පෙදරේරුවන්ටත් මාලිගාව අලුත්වැඩියා කිරීමට ලී සහ කැපූ ගල් ද මිලයට ගැනීම පිණිස ඒවා දිය යුතු ය”යි කී හ.
තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.
දාවිත් රජ මුළු සභාවට කතා කොට, “දෙවියන් වහන්සේ විසින් තෝරා ගනු ලැබූ එක ම තැනැත්තා වන මාගේ පුත් සලමොන් තව ම ළා බාල ය; කාර්යය නම් බරපතල ය. මන්ද, මාලිගාව මනුෂ්‍යයාට නොව දෙවි සමිඳාණන් වහන්සේට ය.
අපි ද ඔබට ඕනෑ හැටියට ලෙබනොන් සිට ලී කපා, ඒවා පහුරු බැඳ, මුහුදෙන් ජොප්පාවට ගෙනවුත් ඔබට දෙන්නෙමු. එවිට ඔබට ඒවා ජෙරුසලමට ගෙන්වා ගත හැකි ය”යි ද දැන්වී ය.
සලමොන් ඉශ්රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් තමාගේ පිය වූ දාවිත් ඔවුන් ගණන් කළ ලෙස නැවත ඔවුන් ගණන් කෙළේ ය. ඔව්හු එක්ලක්ෂ පණස්තුන්දාස් හයසියයක් වූවෝ ය.
පර්සියාවේ රජ වූ සයිරස්ගෙන් තමන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට ජොප්පාවට මුහුදෙන් කිහිරි ගස් ගෙනෙන පිණිස ඔව්හු මේසන්වරුන්ටත්, වඩුවන්ටත් මුදල් ද සීදොන් වැසියන්ටත්, තීර් වැසියන්ටත් කෑම, බීම හා තෙල් ද දුන්නෝ ය.
තවද ඒ කාලයේ දී ඔබ ක්‍රිස්තුන් වහන්සේ නැති ව, තෝරාගත් ඉශ්රායෙල් ජාතියෙන් බැහැර ව, පොරොන්දුවේ ගිවිසුම්වල පංගුකාරකමක් නොමැති ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන් වහන්සේගෙන් ඉවත් ව, ලෝකයෙහි ජීවත් වූ බව සිහි කරන්න.