“දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.
1 ලේකම් 17:24 - Sinhala New Revised Version ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය. Sinhala Revised Old Version ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ. |
“දැන් ඉතින් සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකරුවාත්, ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදහට ම ස්ථිර වේ වා! ඔබ කී ලෙස ම කළ මැනව.
මන්ද, මාගේ දෙවියන් වහන්ස, ඔබේ මෙහෙකරුවා උදෙසා ඔබ වංශයක් ගොඩනඟන බව ඔබ ඔහුට එළිදරව් කළ සේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤා කරන්න ඔබේ මෙහෙකරුවා ඉදිරිපත් විය.
ඔබේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් මෙන් පොළොවේ සියලු සෙනඟ ද ඔබේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි ගරුබිය දක්වන පිණිසත්, මා විසින් ගොඩනඟන ලද මේ මාලිගාවට ඔබේ නාමය තබා තිබෙන බව දැනගන්න පිණිසත් ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශිකයා ඔබෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට ඉටු කළ මැනව.
සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.
එතුමන්ගේ ශ්‍රී නාමයට සදා පැසසුම් වේ වා! එතුමන්ගේ මහිමය ලොව පුරා පැතිරේ වා! එසේ ම වේ වා! එසේ ම වේ වා!
අප දෙවිඳුන්ගේ කරුණාව අප කෙරෙහි බැබළේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට පැමිණේ වා! අපේ වැඩ කටයුතු ඔබ මඟින් ජයෙන් ජයට ම පැමිණේ වා!
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල්හි හැම ගෝත්‍රයකම මා දෙවියන් වහන්සේ ද ඔවුන් මාගේ සෙනඟ ද වන කාලය පැමිණෙන්නේ ය.
එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.
එහෙයින් මෙසේ යාච්ඤා කරන්න: ‘ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණවුව මැනවැ”යි වදාළ සේක. එවිට, “මම එය මහිමයට පැමිණවීමි, යළිත් මහිමයට පමුණුවන්නෙමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.
ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
එහෙත් ඔව්හු දැන් වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳාණෝ යයි කියනු ලබනවාට උන් වහන්සේ ලජ්ජා නොවන්නේ උන් වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙළ කර තිබෙන නිසා ය.
ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර, ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි, ඔව්හු ද මාගේ සෙනඟ වන්නෝ ය.
යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්.
සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.