Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:24 - Sinhala Revised Old Version

24 ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේව, ඉශ්‍රායෙල්වරුන් උදෙසා දෙවිකෙනෙක්ව සිටින්නේ සේනාවල ස්වාමීන්වහන්සේයයි කීමෙන් එසේ ඔබගේ නාමය ස්ථිරව සදාකාලයටම උතුම් වේවා. ඔබගේ මෙහෙකරුවූ දාවිත්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථිරව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ වන සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ, ඉශ්රායෙල්වරුන් සඳහා වූ දෙවියන් වහන්සේ ය. මෙසේ, ඔබේ නාමය සදහට ම උතුම් වේ වා! ඔබේ මෙහෙකරු වන දාවිත්ගේ වංශය ද ඔබ ඉදිරියෙහි ස්ථිර ව පවතින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:24
17 හුවමාරු යොමු  

තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.


යමෙක් කථාකෙරේ නම්, දෙවියන්වහන්සේගේ වාක්‍ය වශයෙන් කථාකරාවා; යමෙක් සේවයකෙරේ නම්, දෙවියන්වහන්සේ සපයාදෙන ශක්තියේ ප්‍රකාර සේවයකරාවා. දෙවියන්වහන්සේට යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සියලු කාරණාවලදී ගෞරව පැමිණෙන පිණිස එසේකරන්ට ඕනෑය. මහිමයත් පරාක්‍රමයත් සදාකාලේටම උන්වහන්සේගේය. ආමෙන්.


නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.


එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.


යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.


යේසුස්වහන්සේ මේ දේවල් කියා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා කියනසේක්: පියාණෙනි, පැය පැමිණ තිබේ;


පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පැමිණෙවුව මැනවයි කීසේක. එවිට: මම එය මහිමයට පැමිණවීමි, නැවතත් මහිමයට පමුණුවන්නෙමියි අහසෙන් හඬක් නික්මුණේය.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:– ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා.


ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපේ දෙවිවූ ස්වාමීන්ගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව.


උන්වහන්සේගේ ශ්‍රීමත් නාමයට සදාකල් ප්‍රශංසාවේවා; මුළු පොළොව උන්වහන්සේගේ මහිමයෙන් පිරේවා. ආමෙන්, ආමෙන්.


ස්වාමිනි, ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව. එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසාකරන්නෙමුව.


ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟද ඔබගේ නාමය හැඳිනගෙන ඔබ කෙරෙහි භයවෙන පිණිසත්, මා විසින් ගොඩනැගූ මේ ගෘහයට ඔබගේ නාමය තබා තිබෙන බව දැනගන්නා පිණිසත්, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, විදේශියා ඔබගෙන් ඉල්ලන සියල්ල ලෙස ඔහුට කළමැනව.


දැනුදු, ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාත් ඔහුගේ වංශයත් ගැන ඔබ කී වචනය සදාකාලයටම ස්ථිරවේවා, ඔබ කී ලෙසම කළ මැනව.


මක්නිසාද, මාගේ දෙවියන්වහන්ස, ඔබගේ මෙහෙකරුවා උදෙසා ඔබ ගෘහයක් ගොඩනගන බව ඔබ ඔහුට එළිදරව් කළසේක. එබැවින් ඔබ ඉදිරියෙහි යාච්ඤාකරන්ට ඔබගේ මෙහෙකරුවාට කල්පනාවිය.


එකල යෙරෙමියා ශෙදෙකියාට කථාකොට: සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ඇත්තටම බබිලෝනියේ රජුගේ අධිපතීන් ළඟට පිටතට ගියොත් නුඹේ ප්‍රාණය ජීවත්වන්නේය, මේ නුවරද ගිනිලනු නොලබන්නේය; නුඹත් නුඹේ වංශයත් ජීවත්වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්