පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
1 ලේකම් 1:44 - Sinhala New Revised Version බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. Sinhala New Revised Version 2018 බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය. Sinhala Revised Old Version බෙලා මැරුණායින් පසු බොශ්රාහි සෙරාගේ පුත්‍රවූ යෝබාබ් ඔහු වෙනුවට රජකම්කෙළේය. |
පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.
ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
“එම්බා ජාකොබ්ගේ ජනයෙනි! නුඹලා සියලු දෙනා මම එක්රැස් කරන්නෙමි. ඉශ්රායෙල්හි ඉතිරි අය ද මම එක්රැස් කරන්නෙමි. කොටුවක සිටින බැටළුවන් මෙන් ද තණ බිම මැද සතුන් රැළක් මෙන් ද මම නුඹලා එක්රැස් කරන්නෙමි. ඔව්හු කිසිවෙකුට භය නොවන්නෝ ය.