Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 34:6 - Sinhala New Revised Version

6 පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 34:6
25 හුවමාරු යොමු  

ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.


බොශ්රා නගරය භීතියට ද සරදමට ද පාළුවට ද සාපයට ද ලක් වන බව මම දිවුරා කියමි. එහි අසල නගර සදහට ම පාළු වී යනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


සමිඳාණන් වහන්සේගේ විනිශ්චය දවස ආසන්න ය. එබැවින් උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! සමිඳාණන් වහන්සේ පූජාවක් පිළියෙළ කළ සේක. පූජාව සඳහා සිය සෙනඟ කැපකළ සේක.


බැටළු පැටවුන් ද බැටළුවන් සහ එළුවන් ද මෙන් ඝාතනය පිණිස මම ඔවුන් ගෙනෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


ඇගේ සියලු හේවායන් මරාදමන්න; ඔවුන් ඝාතනය කරන්න; ඔවුන්ට වන විපතක මහත! ඔවුන්ට දඬුවම් දීමේ දවස දැන් ළඟා වී තිබේ.”


සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.


සමිඳුන් සිය කඩුව සගයෙහි සූදානම්කර ඇත. එයින් එතුමාණෝ, ඒදොම්හි සිටින, විනාශයට තීන්දු කරන ලද සෙනඟට පහර දෙන සේක.


දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක.


එය මුවහත් කර තිබෙන්නේ ඝාතනය පිණිස ය. එය දිළිසෙන්නේ විදුලිය දහරක් මෙන් ය. එසේ නම්, අපට ප්‍රීති වීමට ඉඩක් නැත. මන්ද, මාගේ සෙනඟ හැම අවවාදයක් හා දඬුවමක් නොසලකා හැර ඇත.


මා දිළිසෙන කඩුව මුවහත් කොට, මම යුක්තිය ඉටු කරමි. සතුරන්ට දඬුවම් දෙමි; මට වෛර කරන අයට දුර්විපාක දෙමි.


එහෙත්, මරන ලද්දවුන්ගේ ලෙයින් ද සෙබළුන්ගේ තෙලින් ද එය ආලේප කර ඇත. ජොනතන්ගේ දුන්න මාරක අවියක් විය. සාවුල්ගේ කඩුව ද ජයෙන් තොර ව හැරී නාවේ ය.


බෙලා මළ පසු බොශ්රාහි සෙරාගේ පුත් ජෝබාබ් ඔහු වෙනුවට රජකම් කෙළේ ය.


සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.


මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”


නාස්තිකාරයෝ පාළුකරයේ ගස්කොළන් නැති සියලු ම කඳුවලට පැමිණ සිටිති. සමිඳුන්ගේ කඩුවෙන් දේශය එක් කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා විනාශ කරනු ලබන්නේ ය. එහි කිසිවෙක් සාමය නොදකිති; එහි ජීවත් විය නොහැකි ය.


“නායකයෙනි, කෑ මොරගසන්න; සෙනඟගේ ප්‍රධානියෙනි, අළුවල පෙරළී හඬන්න. මාරක විපත් කාලය ද විසිර යෑමේ කාලය ද ළඟා වී ඇත. තෝරාගත් බැටළුවන් මෙන් නුඹලා ඝාතනය කරනු ලබන්නහු ය.


ඒ දවස වනාහි ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන්ගේ දවස ය. එතුමන්ගේ සතුරන්ට දඬුවම් දීමේ දවස ය. එතුමන්ගේ කඩුව ඔවුන් නසා වනසා සෑහීමට පැමිණෙන්නේ ය; ඔවුන්ගේ ලේවලින් මත් වන්නේ ය. මන්ද, එය වනාහි උතුරු දේශයේ යුප්‍රටීස් ගංගාව ළඟ ස්වාමීන් වන සව් බලැති දෙවිඳුන් වෙත කළ යාගයකි.


ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?


මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත.


මාගේ ම උරුමය වන ඉශ්රායෙල් දේශය පාළුවක් වූ විට නුඹ ඊට ප්‍රීති වුණාක් මෙන් මම නුඹට ද එසේ වීමට සලසන්නෙමි; එම්බා සේයිර් කන්ද! නුඹ සහ මුළු ඒදොම් මුළුමනින් ම පාළුවක් වන්නහු ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.


ඉන්පසු දෙවිඳුන්ගේ පූජාසනය ලෙස හැඳින්වෙන ජෙරුසලම පිට එතුමාණෝ විපත්තිය පමුණුවන සේක. එකල හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය. නගරය වුව ද, පූජාසනයක් බවට හරවනු ලැබ එය ගල්වලින් වැසී යන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්