දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්රීති සහගත ව ගෙනාවේ ය.
1 රාජාවලිය 8:4 - Sinhala New Revised Version තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ. Sinhala New Revised Version 2018 තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ. Sinhala Revised Old Version තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රැස්වීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ බඩුද ගෙනාවෝය; පූජකයෝ සහ ලෙවීවරු ඒවා ගෙනාවෝය. |
දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්රීති සහගත ව ගෙනාවේ ය.
ගිබියොන් ප්රධාන කඳු මත පූජාස්ථාන වූ බැවින් පූජා ඔප්පු කරන පිණිස රජ එතැනට ගියේ ය. සලමොන් ඒ පූජාසනය පිට දවන යාග පූජා දහසක් පුද කෙළේ ය.
ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය.
ඉක්බිති සලමොන් ද ඔහු සමඟ මුළු සභාව ද ගිබියොන්හි ගිරිකුළට ගියෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් පාළුකරයේ දී සාදන ලද දෙවියන් වහන්සේගේ සම්මුඛ මණ්ඩපය එහි තිබූ බැවිනි.