එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.
1 රාජාවලිය 7:30 - Sinhala New Revised Version එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය. Sinhala New Revised Version 2018 එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය. Sinhala Revised Old Version එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය. |
එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූප ද ගව රූප ද කෙරුබ් රූප ද විය. සන්ධි පිටත් ඉහළ පැත්ත එසේ ම තිබිණි. සිංහයන්ටත්, ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබිණි.
පේකඩය ඇතුළෙත්, ඉහළත් සෝදන භාජනයේ කට හරහා සෙන්ටිමීටර් හතළිස්පහක් විය. රථයක මෙන් වැඩ ඇති ව එහි කට වටකුරු ව සෙන්ටිමීටර් හැටහයක් උස ව තිබිණි. එහි කට පිට කැටයම් වැඩ තිබිණි. එහෙත්, ඒවායේ පනේල වටකුරු ව නොව සතරැස් ව තිබිණි.
මම බැලූ විට මෙසේ දිටිමි. කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම්, එක කෙරුබ්වරයෙකු ළඟ එක රෝදයක් බැගින් තිබිණි. රෝදවල පෙනීම ද රන් කාන්තියක දිස්නය වැනි ය.
මේ වනාහි එකිනෙකට වැදුණු සත්ත්වයන්ගේ පියාපත්වල ශබ්දය ද ඒ ළඟ තිබූ රෝදවල භූමි කම්පාවක ශබ්දය වැනි ශබ්දය ද විය.