Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:30 - Sinhala Revised Old Version

30 එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 එක එක රථයට ලෝකඩ රෝද සතරක් ද ලෝකඩ අලවංගු ද විය. ඒවායේ සතර කොනේ ආධාර කණු ද මේවාට උඩින් සෝදන භාජනය ද විය. මේ ආධාර කණු එක එක පැත්තේ මාලා ඇති ව වාත්තු කළ ඒවා විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:30
7 හුවමාරු යොමු  

එකිනෙකට වැදුණු සත්වයන්ගේ පියාපත්වල ළඟ තිබුණු රෝදවල ශබ්දයද මහත් ඝෝෂා ශබ්දයක්ද මට ඇසුණේය.


එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ් රූපද වූහ; සන්ධි පිටත් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය.


පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.


එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය.


මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්