උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
1 රාජාවලිය 5:4 - Sinhala New Revised Version එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත. Sinhala New Revised Version 2018 එහෙත්, දැන් මාගේ දෙවි සමිඳාණන් වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබේ. එදිරිකාරයෙක් වත්, විපත්ති ගැන බියක් වත් මට නැත. Sinhala Revised Old Version නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය. |
උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න:
හදද් කළ අනතුර හැර සලමොන්ගේ මුළු කාලයේ දී ම ඔහු ඉශ්රායෙල්වරුන්ට සතුරෙකු ව සිට, ඉශ්රායෙල්වරුන් පිළිකුල් කොට ඒදොම් රටේ රජකම් කෙළේ ය.
ඔහු තිප්සා පටන් ගාසා දක්වා ම යුප්‍රටීස් ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශය ද මේ ගංගාවෙන් මෙගොඩ විසූ සියලු රජුන් ද පාලනය කෙළේ ය. ඔහු අවට සෑම දිශාවල සාමය පැවතිණි.
සලමොන්ගේ වඩුවෝ ද හීරාම්ගේ වඩුවෝ ද ගෙබලිවරු නම් ජනයා ද ඒවා කැපුවෝ ය. මෙසේ දේව මාලිගාව තැනීමට ඔව්හු ලී දඬු ද ගල් ද සූදානම් කළෝ ය.
ගාසා සහ එහි සීමාවන් දක්වා ද මුරකොටුව පටන් පවුරු සහිත නගරය දක්වා ද පිලිස්තිවරුන්ට පහර දුන්නේ ඔහු ය.
එහෙත්, නුඹට උපදින පුත්‍රයෙක් සාමකාමී මනුෂ්‍යයෙක් වන්නේ ය. හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේ ය, ඔහුගේ නාමය සාමය යන අර්ථය ඇති සලමොන් වන්නේ ය. ඔහුගේ දවස්වල දී ඉශ්රායෙල්වරුන්ට සාමය ද සමඟිය ද දෙන්නෙමි.
තවද, යුප්‍රටීස් ගඟින් එගොඩ තිබෙන මුළු රට ආණ්ඩු කළ රජුන් ජෙරුසලමෙහි සිටි බවත්, තීරු බද්ද ද ආදායම් බද්ද ද සුංගම් ද ඔවුන්ට දෙන ලද බවත් දැනගන්නට ලැබී ඇත.
එතුමන්ගේ රාජ බලය වැඩි වර්ධනය වන්නේ ය; එම රාජ්‍යයේ සාමයට කෙළවරක් නොවන්නේ ය; මෙතැන් සිට සදහට ම දාවිත් රජුගේ සිහසුනේ වැඩ හිඳින එතුමන්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවන ලෙස එතුමාණෝ යුක්තියෙන් ද ධර්මිෂ්ඨකමින් ද රජකම් කරන සේක. සව් බලැති සමිඳුන්ගේ උද්‍යෝගයෙන් මෙය අධිෂ්ඨාන කළ සේක.”
මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
අෂ්දොද් ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය. මිසරයේ ඔය සහ මධ්‍යධරණි මුහුදත් එහි අසබඩත් දක්වා ගාසා ද ඊට අයිති නගර සහ ගම් ද යන මේවා ය.