Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 5:5 - Sinhala New Revised Version

5 සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සමිඳාණන් වහන්සේ මාගේ පිය වූ දාවිත්ට කතා කොට, ‘නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇතැ’යි වදාළ හැටියට මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනඟන්නට මම අදහස් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට–නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා විසින් තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 5:5
15 හුවමාරු යොමු  

ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟනු ඇත. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහුගේ රාජ සිංහාසනය ඉශ්රායෙල්වරුන් කෙරෙහි සදහට ම ස්ථිර කරන්නෙමි’යි වදාළ සේක.


ඔහු මට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ සිංහාසනය ද මම සදහට ම ස්ථිර කරන්නෙමි.


“උන් වහන්සේ මට කතා කොට, ‘නුඹේ පුත් සලමොන් ම මාගේ මාලිගාව ද මණ්ඩපය ද සාදන්නේ ය. මන්ද, මාගේ පුත්‍රයෙකු කොට මම ඔහු තෝරා ගතිමි. මම ඔහුට පියෙක් වන්නෙමි.


ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.


එසේ වී නමුත්, නුඹ ඒ මාලිගාව ගොඩනඟන්නේ නැත; නුඹට දාව ඉපදෙන නුඹේ පුත්‍රයා ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය’යි වදාළ සේක.


“නුඹලා මාගේ නීති සහ විනිශ්චයයන් පිළිපදිමින් ඒවා ඉටු කරන්න. එවිට නුඹලා දේශයේ සුරැකි ව වසනු ඇත.


දේශය ද පලදාව උපදවන විට නුඹලාට කන්නට උවමනා සෑම දේ දෙන්නේ ය. නුඹලා එහි සුරැකි ව වසන්නහු ය.


ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත.


එවිට දාන් සිට බෙයර්-ෂෙබා දක්වා ද ගිලියද් දේශයේ ද සිටි සියලු ඉශ්රායෙල් සෙනඟ පිටත් ව අවුත් එක් කෙනෙකු මෙන් සමිඳාණන් වහන්සේ වෙත මිශ්පාහි රැස් වුණාහ.


හෙසකියාට ඇහුම්කන් නොදෙන්න. කුමක් හෙයින් ද අසිරියාවේ රජ මෙසේ කියයි: ‘මා හා සමඟ සාමදානයකට පැමිණ මා වෙත එන්න. එවිට මම අවුත් ඔබේ දේශයට සමාන වන ධාන්‍ය හා මුද්‍රික පානය ඇති, කෑම ද මිදි වතු ද ඇති, ඔලීව තෙල් ද මී පැණි ද ඇති දේශයකට ඔබ ගෙනයන තුරු,


ඔවුන්ට කිසිවෙකුගෙන් බියක් නැත. එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද අත්තික්කා ගස යට ද යෙහෙන් වාසය කරනු ඇත.” සව් බලැති සමිඳාණෝ මෙය වදාළ සේක.


ඒ දවස පැමිණි විට නුඹලාගේ මිදිවැල් හා අත්තික්කා ගස් යට නුඹලා එකිනෙකාට සංග්‍රහ කරනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්