ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 3:16 - Sinhala New Revised Version

එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල වේශ්‍යා ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 3:16
10 හුවමාරු යොමු  

සලමොන් පිබිද දෙවියන් වහන්සේ ස්වප්නයක් මඟින් කතා කළ බව දැන ගත්තේ ය. ඔහු ජෙරුසලමට අවුත් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිට දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක් ද පිළියෙළ කොට දුන්නේ ය.


එක ස්ත්‍රියක් කතා කොට, “අනේ, රජතුමෙනි, මේ ස්ත්‍රීත්, මමත් එක ගෙයක වාසය කෙළෙමු. ඒ ගෙදර ම ඈ සමඟ සිටිය දී මම දරුවෙකු ලැබුවෙමි.


පසු දින මෝසෙස් සෙනඟ විනිශ්චය කරනු සඳහා අසුන් ගත්තේ ය. සෙනඟ උදය සිට සවස දක්වා ඔහු අවට සිටියහ.


ඔවුන් අතර ප්‍රශ්නයක් ඇති වූ විට ඔව්හු මා වෙත එති. මම ද ඔවුනොවුන් විනිශ්චය කොට දෙවියන් වහන්සේගේ ආඥා සහ අණපණත් ඔවුන්ට දන්වමි”යි කීවේ ය.


අබිරහස් ගැන අපි දෙවිඳුන්ට ගරු කරමු; අර්ථය පහදා දීම ගැන අපි රජුට පැසසුම් දෙමු.


“නුඹේ දුව වෙසඟනක කොට අනාචාරයට දී ඇය දූෂණය නොකරන්න. එසේ කළොත්, දේශය අනාචාරයෙන් ද දුෂ්ටකමෙන් ද පිරී යනු ඇත.


ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන,


“ඉශ්රායෙල්වරුන්ගේ දූවරුන් අතර දේවාල වෙසඟනක හෝ ඉශ්රායෙල් පුත්‍රයන් අතර දේවාල සල්ලාලයෙකු හෝ නොසිටිය යුතු ය.


නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.


ගිලියද් වැසියෙකු වූ ජෙප්තා බලසම්පන්න හේවායෙක් විය. ඔහු වේශ්‍යා ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. ඔහුගේ පියාගේ නම ගිලියද් ය.