Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 3:16 - Sinhala Revised Old Version

16 එකල වේශ්‍යා ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එකල වේශ්‍යා ස්ත්‍රීහු දෙදෙනෙක් රජු ළඟට අවුත් ඔහු ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 3:16
10 හුවමාරු යොමු  

ඔවුන්ට කාරණයක් ඇති කළ ඔව්හු මා වෙතට එති; මමද මනුෂ්‍යයෙකු සහ ඔහුගේ අසල්වාසියා අතරේ විනිශ්චයකොට දෙවියන්වහන්සේගේ නියෝගයද ව්‍යවස්ථාද ඔවුන්ට දන්වමියි තමාගේ මාමාට කීවේය.


ගිලියදීය යෙප්තා බලසම්පන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්ව සිටියේය, ඔහු වේශ්‍යා ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක. ගිලියද් තෙමේ යෙප්තා ඉපදවිය.


නූන්ගේ පුත්‍රවූ යෝෂුවා ෂිට්ටීම්හි සිට මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔත්තුකාරයන් කොට රහසින් පිටත්කර: නුඹලා ගොස් දේශයද යෙරිකෝවද බලා එන්නැයි කීවේය. ඔව්හු ගොස් රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රියෙකුගේ ගෙට ඇතුල්ව එහි නැවතී සිටියෝය.


ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.


ඔව්හු මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද අධිපතීන්ද මුළු සභාවද ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිට කථාකොට:


දේශය වේශ්‍යාකමට වැටී දූෂ්‍යකමින් නොපිරෙන පිණිස නුඹේ දුව වේශ්‍යාකමට දී අපවිත්‍ර නොකරන්න.


තවද පසුවදා මෝසෙස් සෙනඟ විනිශ්චය කරන පිණිස හිඳගත්තේය. සෙනඟද උදය පටන් සවස දක්වා ඔහු අවට සිටියාහ.


සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.


එක ස්ත්‍රියක් කියන්නී: අනේ, මාගේ ස්වාමිනි, මමත් මේ ස්ත්‍රීත් එක ගෙයක වසමුව; ඒ ගෙයි ඈ සමඟ සිටියදී මම දරුවෙකු බිහිකෙළෙමි.


කාරණයක් සඟවාතැබීම දෙවියන් වහන්සේගේ ගෞරවයක්ය: රජුන්ගේ ගෞරවය නම් කාරණයක් සොයා දැනගැනීමය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්