එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
1 රාජාවලිය 2:16 - Sinhala New Revised Version ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය. Sinhala New Revised Version 2018 ඉතින් මම එක දෙයක් ඔබෙන් ඉල්ලමි. එය ප්‍රතික්ෂේප නොකරන්නැ”යි කීවේ ය. ඈ ද, “එය කියන්නැ”යි ඔහුට කීවා ය. Sinhala Revised Old Version ඉතින් මම එක ඉල්ලීමක් නුඹෙන් ඉල්ලා සිටිමි, ඒක ඉෂ්ට නොකර නොසිටින්නැයි කීවේය. ඈද: කියන්නැයි ඔහුට කීවාය. |
එවිට ඔහු කතා කරමින්, “රාජ්‍යය මට ලැබෙන්‍නට තිබුණු බවත්, මා රජකම් කරනු ඇත කියා සියලු ඉශ්රායෙල්වරුන් මා ගැන බලා සිටි බවත් ඔබ දන්නෙහි ය. එහෙත්, රජකම වෙනස් වී මාගේ සහෝදරයාට එය අත් විය. මන්ද, එය ඔහුට සමිඳාණන් වහන්සේගෙන් ලැබුණු බැවිනි.
ඔහු ද, “ෂුනම්මීය අබිෂග් නම් කාන්තාව මට බිරිඳ කොට දෙන ලෙස සලමොන් රජු හට කරුණාකර කතා කළ මැනව. රජ තෙම ඔබේ ඉල්ලීම ඉෂ්ට නොකර නොසිටින්නේ ය”යි කීවේ ය.
එවිට ඈ, “මම එක සුළු ඉල්ලීමක් ඔබෙන් ඉල්ලමි. එය නොදී නොසිටිය මැනව”යි කී විට, රජ ද, “මාගේ මෑණියනි, ඉල්ලන්න. මම එය ඔබට නොදී සිටින්නේ නැතැ”යි ඈට කීවේ ය.
ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.